Inhumans TV Series



ඔයාල කොයි කවුරුත් දන්න මාර්වෙල්ස් සමාගම විසින් නිර්මාණය කල තවත් කතා මාලාවක් තමයි අද අපි අරගෙන ආවෙ. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2017 වසරේදීයි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 5.3 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Adventure, Sci-Fi කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. කතා මාලාව ගැන හොදින්ම දැනගන්න ඔන්න අපි පහල දාල තියෙනව බයිස්කෝප් අඩවියේ මේ කතා මාලාව වෙනුවෙන් පල වුනු ලිපියේ උපුටා ගැනීමක්.

මුලින්ම ඉන්හියුමන් ලා ගැන පොඩි සරල හැඳින්වීමක් කරන්නම්. වසර දහස් ගණනකට පෙර ක්‍රී (Kree) සහ ස්ක්‍රල් (Skrull) අතර යුද්ධයක් ඇතිවෙනවා. මේ අතරතුරේ ක්‍රී වරු ඔවුන්ගේ බලකොටුවක් පිහිටුවනවා යුරේනස් වල. මේ කාලයේ පෘතුවියේ මානව පරිණාමනය වෙමින් පැවතුනේ. ක්‍රී වරු දකිනවා මිනිසාගේ පරිණාමනය සහ ඔවුන්ව වැඩිදියුණු කරන්නට හැකි බව. මේ නිසා ක්‍රී වරු ස්ක්‍රල් වරුන් සමඟ පවතී යුද්දය සඳහා ප්‍රයෝජනයට ගැනීමට සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීම සඳහා මනුශ්‍යන්ගෙන් පර්යේෂණ කරනවා. කලකදී ක්‍රී වරුන්ට යුරේනස් අතහැර යන්න සිදුවෙනවා. ඒ නිසා මිනිසා සමඟ කල පර්යේෂනයද අතහැර යන්නට සිදුවෙනවා. මෙලෙස මිනිසාගෙන් ක්‍රී වරු කල පර්යේෂණ වල ප්‍රතිඵලය විදියට තමයි ඉන්හියුමන්ලා බිහිවෙන්නේ. මෑතක් වෙනතුරුම ඉන්හියුමන්ලා මානව පරිණාමනයට බලපෑමක් නොකර වෙනමම ජීවී කණ්ඩායමක් විදියට රහසේ වාසය කරනවා. ඉන්හියුමන්ලාගේ ප්‍රධාන නගරය Attilan. මේක කාලෙන් කාලෙට විවිධ තැන වල ස්ථාපනය කරනවා සෙසු ලෝකයාගෙන් වෙන් වෙලා පවතින්න ඕනි නිසා. උතුරු අත්ලාන්තික් මුහුදේ දූපතක මුලින්ම තිබුණු මේක ඇන්ඩිස් කඳු වැටියේ, හඳේ නොපෙනෙන පැත්තේ වගේම නිව්යෝක් නගරයට ඉහලින් මේ නගරය ස්ථාපනය කරලා තියෙනවා විවිධ කාල වල.

ඉන්හියුමන්ලා එක්ක පවතින තවත් දෙයක් තමයි Terrigenisis ක්‍රියාවලිය. මේක සිදුකරන්නේ Terrigen Mist කියන වාෂ්පයෙන්. හඳේ අඳුරු පැත්තේ තිබිල හමුවුණු Terrigen පලිඟු වලින් තමයි මේ වාෂ්පය නිර්මාණය කරන්නේ. මේකෙන් පුළුවන් ඉන්හියුමන් ජාන තියෙන අයගේ වෙනස්වීම් සිදුකරන්න. මේක විශේෂ බලයන් ලබාදීමක් හෝ ස්වරුපයේ වෙනස්වීමක් වෙන්නට පුළුවන්. නැතිනම් ස්වරුපයේ වෙනස්වීමක් සමඟම බලයන් ලැබීමක් සිදුවන්න පුළුවන්. Agents of S.H.I.E.L.D බලපු අයටනම් මේ කියපුව අපූරුවට දකින්න පුළුවන් උනා. ටෙරිජන් පලිඟු, ටෙරිජෙනසිස් ක්‍රියාවලිය වගේ ගොඩක් දේවල් Agents of S.H.I.E.L.D තුලින් ඉදිරිපත් කළා. වර්තමානයේ ඉන්හියුමන් නායකයා තමයි බ්ලැක් බෝල්ට්. බ්ලැක් බෝල්ට් වගේම ඔහුගේ බිරිඳ මෙඩුසා, සහෝදරයා මැක්සිමස් වගේ චරිත තම අපිට මේ ටීවී සීරියස් එකේදී දකින්න ලැබෙන්නෙත්. ඉතින් දැන් කතා මාලාව මොන වගේද කියල අපේ යාලුවන්ට තේරෙන්න ඇතිනෙ. එහෙනම් කතාව සම්පූර්ණයෙන් දැනගන්න කතා මාලාව බලන්න කියල අපි ඔයාලටත් ආරාධනා කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work