The New Batman Adventures TV Series


ඔන්න ඉතින් අපේ යාලුවො කවුරුත් ආස කරන කාටූන් සීරීස් එකක් අරගෙන ආව. ලොකු පොඩි වෙනසක් නැතිව කවුරුත් බලන සීරීස් එකක්නෙ බැට්මෑන් කියන්නෙ. බැට්මෑන් කාටූන් සීරීස් ගණනාවක්ම නිකුත් වෙලා තියෙනව. අද අපි අරගෙන ආවෙ ඒවයෙන් එකක් තමයි.
මේ සීරීස් එක විකාශනය වෙලා තියෙන්නෙ 1997 වසරේ සිට 1999 වසර දක්වා කාලයේදීයි. IMDB දර්ශකයේ 8.6 ක ඉහල අගයකට හිමිකම් කියන මේ කාටූන් සීරීස් එක Animation, Action, Adventure කියන වර්ගයන් යටතට වෙන් කර දැක්විය හැකියි. සීරීස් එක ගැන නම් ඉතින් වෙනම විස්තර කරන්න තරම් දෙයක් නෑ. බැට්මෑන් කියන්නෙ කවුද, එයාගෙ සීරීස් වල වෙන්නෙ මොකද්ද කියන එක අපි කවුරුත් දන්නවනෙ. එහෙනම් ඉතින් බැට්මෑන්ට කැමති අපේ යාලුවන්ට පුලුවන් සීරීස් එක අරගෙන බලන්න කොහොමද කියල.