Playful Kiss TV Series


මෙකේ හාස්‍යය පිරිණු ලස්සන ආදර කතාවක් තියෙනවා. කතාව ගෙතිලා තියෙන්නේ ඉගෙනගැනිමට අදක්ෂ Oh ha ni කියන ගැහැණු ලමයා වටා.මෙයා Beak seong jo කියන පිරිමි ලමයට ආදරය කරනවා. එත් Beak seong jo කියන්නෙ ඉගෙනිමට දක්ෂ පාසලේ ඉන්න ප්‍රසිද්ධම පිරිමි ළමයා. මෙයා කොහොමත් මෝඩ කෙල්ලන්ට පොඩ්ඩක්වත් කැමති නෑ. අර මෝඩ කෙල්ල Beak seong jo ට ලියුමක් පවා ලියනවා. ඒත් ඇයට ඔහු කැමති වෙන්නෙ නෑ. ඒ වගේම මේකේ තව Oh ha ni ගේ පස්සෙන්ම එන පිරිමි ලමයෙක් ඉන්නවා. ටිකක් විකට චරිතයක් වගේ.ඔහුගේ නම Bong joon gu. කතාව ඉදිරියට බලන් යන්නකෝ. මේකේ තවත් නියම චරිතයක් තියෙනවා. ඒ Beak seong jo ගේ අම්මා. එයා නම් හරි විනෝදයි. මේ කතාවේ Beak seong jo චරිතයට රඟපාන්නෙ Boys Over Flowers එකේ Yoon ji-hoo චරිතයට පන පෙවු Kim Hyun නළුවා. Oh ha ni ට රඟපාන්නේ Jung so-min කියන නිලිය. ඉතින් ඔයාලත් ගොඩක් ආස වෙයි මේ ආදර කතාව බලන්න. එහෙනම් අපි ඔයාලටත් ආරාධනා කරනව මේ කතා මාලාව බලන්න කියල.