Moonlight Drawn by Clouds TV Series


මේ කතා මාලාව මනඃකල්පිත කොරියානු ඉතිහාස කතාවක්. Naver වෙබ් අඩවියේ පළවුණු Yoon-yi-Soo කියනලේඛිකාවගේ අන්තර්ජාල නවකතාවක් පාදක කරගෙන තමා මේ කතාව ගෙතෙන්නෙ. එක්තරා රජකුමාරයෙකුත්, ඔහුගේ පාලකවරයෙකුත් අතර තමයි මේ කතා මාලාව ගෙතෙන්නෙ. ඒත් මේ පාලකවරයා පිරිමි කෙනෙක් නම් නෙමේ. එයා තරුණියක්. තරුණියකට පාලකවරයෙක් වෙන්ඩ බැහැනෙ. ඒත් කොහොමද එහෙම වෙන්නෙ.
එයා මාළිගාවට එන්ඩ ඉස්සෙල්ලා ගමින් ගමට යන නාට්‍ය කණ්ඩායමක සාමාජිකයෙක්. එයාගෙ නම හොන්ග් රාඔන් වුණත් හොන්ග් සැන් නොම් කියලා පිරිමි කෙනෙක් විදිහට තමයි එයා පෙනී ඉන්නෙ. ඒ රස්සාවට අමතරව මෙයා වෙන රස්සාවකුත් කරනවා. ඒක තමයි පෙම්වතුන්ට පෙම් හසුන් ලියා දීම සහ ඔවුන් මුණගැස්සවීමේ රාජකාරිය. මෙයා ඒකෙන් හොඳට හම්බ කරනවා. මෙයාගෙ එක ගණුදෙනු කාරයෙක් පෙම් හසුන් ලියව ගන්නෙ රටේ කිරුළහිමි කුමාරයගෙ නැගණියට. ඉතින් මේ ලියුමක් කිරුළ හිමි කුමාරයට අහු වෙනවා. කිරුළ හිමිකුමාරයා මේ ගැණ හොයන්ඩ වෙස් වලාගෙන කුමරියට මුණ ගැහෙන්ඩ එන්ඩ ආරාධනා කරලා තිබුණු තැනට යනවා. නමුත් කුමරිය හමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා එයා වෙනුවට සැන් නොම්ට යන්ඩ කියලා බලකරනවා. ඉතින් මොකක් වෙයිද? ඉතිං සැන් නොම් කොහොමද මේ ගැටලුව විසඳගන්නෙ කියලා බලන්ඩකෝ.
කොහොම හරි ඒ කරදරෙන් බේරිලා එන අතරතුර එයාව ආරක්ශක අංශයට උවමනාකරන අපරාධකාරයෙක් වෙලා. ඒ කුමාරයට කරපු දෙයක් නිසා නම් නෙමේ එයාගෙ උදව් නිසා අමාත්යවරයෙකුගෙ ලේලි කෙනෙක් සේවකයෙක් එක්ක පැනලා ගිහිල්ලා. ඇත්තටම සැන්නොම් හිතලා තිබුණෙ ඒ ගෑණු කෙනා අමාත්‍යතුමාගෙ දුව කියලා. ඉතින් මොකද කරන්නෙ. ඒ කරදරෙන් සැම්නොම්ව බේරගන්නෙ කොහෙන්දෝ කඩාපාත් වුණ වංශවතෙක්. එයාට නම් සැම්නොම් ගැහැණු කෙනෙක්ම තමා කියන අදහස ඇතිවෙනවා.
ඒත් ඉතින් සැම්නොම්ට කරදර වලින් ගැලවෙන්ඩ වෙන්නෙ නම් නැහැ. එයා පස්සෙ එන ණය කාරයො වගයක් එයාව පාලකවරයෙක් කරලා මැදුරට විකුණන්ඩ තමයි ලෑස්ති වෙන්නෙ. ඉතින් පිරිමි කෙනෙක් නොවී කොහොමද එහෙම වෙන්නෙ? කතා මාලාවෙ ඉතිරි ටික බලලම දැනගන්නකො එහෙනම්. ඔයාලත් මේ කතා මාලාවට කැමති වෙන බව නම් නොඅනුමානයි.