Goblin TV Series


මේක දෙවිවරු, හොල්මන්, අවතාර පිරුණු වෙනස්ම විදිහේ කතාවක්. පිසාචයෙක් සහ මරණයේ දෙවියෙක් ගැනයි මේ කතාවෙන් කියවෙන්නේ. පිසාචයා ජීවිත ආරක්ෂා කරමින් ඉන්න අතර මරණයේ දෙවියා කරන්නේ මියගිය අය කැඳවගෙන යාමයි. පිසාචයට අවශ්‍ය තමන්ගේ සමාදානය වෙනුවෙන් තමන්ගේ මනමාලිව මිනිස් ලොවින් හොයාගන්නයි. මරණයේ දෙවියා අමතක වීමේ රෝගයක් (Amnesia) තියෙන කෙනෙක්. යම් දෙයක් නිසා මේ දෙන්නට එකම ගෙදරක වාසය කරන්න සිදුවෙනවා. එකිනෙකට විරුද්ධ රාජකාරි කරන මේ දෙන්නගේ ජීවිත කොහොම ගෙවෙයිද කියලා අපිට කතා මාලාවෙ ඉදිරියේදි බලාගන්න පුලුවන්.
අතීතයේ බොහොම දක්ෂ සෙන්පතිවරයෙක් ඉන්නවා. එයාගෙ නම තමයි කිම් ශින් සටන් ජය අරගෙන නැවත එන කිම් ශින්ව රජතුමා පිලිගන්නේ අපරාධකාරයෙක් විදිහට. තමන්ට වඩා සෙන්පතිතුමා බලවත් වෙලා කියලා රජතුමාගේ නිලධාරින් රජතුමාව නොමග යවන එක තමයි ඊට හේතුව. ඉතින් කොහොම හරි මේ කෝපය නිසා රජතුමා කිම් ශින්ව වගේම ඔහුගේ සියලුම නෑදෑ පරපුරත් ඝාතන කර දමනවා. මරණයෙන් පස්සේ සිරුරෙන් නැගිටින කිම් ශින් පිසාචයෙක් බවට පත්වෙනවා වගේම ඔහුට සාපයක් ලැබෙනවා. ඒ තමයි කිම් ශින් ගේ පපුවේ ඇනිල තියෙන අසිපත ගලවනකල් ඔහුට සමාදානයේ සැතපීමක් නැහැයි කියන එක. ඒ අසිපත ගලවන්න ඕනේ පිසාචයගේ මනමාලි කියන එක. මනමාලිව ඔහු හොයාගන්න ඕනේ මිනිස් ලොවින්. ඒකට අවුරුදු දහස් ගණනක් ගත වෙන අතර ඒ කාලයේදි තමන්ගේ සෙනෙහෙවන්තයන්ගේ මිය යෑම බලා සිටීමත් ඔහුට ලැබුන මේ සාපයේම කොටසක් වෙනවා. වර්තමානයේත් තවමත් කිම් ශින් තමාගේ මනමාලිව සොයමින් ඇවිදිනවා. මේ අතර ඔහුට හමුවෙනවා මරණයේ දෙවිඳුන් ඔහුගේ රාජකාරිය තමයි මියගිය අයගේ ආත්ම කැඳවාගෙන යාම. මේ දෙන්නගෙ පලමු හමුවීම හොඳ එකක් වෙන්නේ නැහැ. මියගිය කෙනෙක්ව රැගෙන යන්න ඇවිත් බලද්දි ඒ ආත්මය එතන නැහැ. ඒක වෙන්නේ පිසාචයා ඒ ගැබිණි මවව බේරගන්න නිසයි. ඉන් පසු තැනින් තැන මේ ආත්ම දෙක හොයන්න ඔහුට සිදු වෙනවා. මේ බේරගත්ත ගැබිණියගේ දියණිය තමයි පිසාචයගෙ මනමාලිය ලෙස හැඳින්වෙන්නේ. පිසාචයට ඇයව හොයාගන්න පුලුවන් වෙයිද කියල එහෙනම් අපි කතාව බලලම දැනගමු.