The Mist TV Series


බ්රිජ්විල් කියන්නේ ස්වභාව සෞන්දර්යෙන් අනූන, නාගරික පරිසරයෙන් මිදුන කුඩා ගම්මානයක්. මේකේ ඉන්න මිනිස්සුනුත් සාමකාමීව ජීවිතය ගතකරගෙන යනවා. කතාව ගලාගෙන යන්නේ කෙවින් ඔහුගේ බිරිඳ ඊව් සහ ඔවුන්ගේ දියණිය වෙන ඇලෙක්ස් වටා. ඇලෙක්ස්ගේ විවාහයට කලින් ජිවිතය ටිකක් කටුක එකක්. කෙවින් මුණගැසීම නිසා ඊව්ගේ ජිවිතයම වෙනස් වෙනවා. මේ දෙපලගේ දියණිය ට සාදයකදී මුහුණපාන්න වෙන සිදුවීමක් නිසාවෙන් මේ දෙන්නාගේ සාමකාමී ජීවිතය පොඩ්ඩක් අවුල් වෙලා යනවා. මේ සිදුවීම නිසා ඊව් තිරණය කරනවා, තමන්ගේ නැගණියගේ නිවසට ටික කාලයකට ගිහිල්ලා ඉන්න.ඔන්න ඊව් සහ ඇලෙක්ස් පිටත්ව යද්දී තමා විශේශම සිදුවීම වෙන්නේ. මුළු නගරයම වසාගෙන අද්භූත මීදුමක් එක වරම පැතිරෙන්න පටන් ගන්නවා. මේ මීදුමේ තියන විශේශත්වය තමයි මීදුම ඇතුලේ සිද්ධ වෙන අමුතු සිදුවීම්. මොකද මීදුමට වැඩි වේලාවක් නිරාවරණය වෙලා ඉන්න කෙනෙක් පණ පිටින් නම් ඉතුරු වෙන්නේ නෑ. මේ සිදුවීම වෙද්දී කෙවින් වෙනම තැනකත් ඇලෙක්ස් සහ ඊව් වෙනම තැනකත් සිර වෙනවා. මුළු නගරයම වෙලා ගන්න මේ මීදුම නිසා සියළු දෙනාගේම කටයුතු අඩාල වෙනවා. මීදුම පහ වෙලා යනකල් මිනිස්සුන්ට තමන් හිටි හිටි තැන් වලටම වෙලා ඉන්න වෙනවා. මෙන්න මේ සිද්ධි මාලාව තමයි කතාවට පාදක වෙන්නේ. මේවාට අමතරව තවත් සෑහෙන සිදුවීම් කතාව ඇතුලේ ගොඩනැගීගෙන යනවා. තවත් මම විස්තර කරන්න යන්නේ නෑ,මොකද ඒක කතාව රසවිඳින්න බාධාවක් වෙන නිසා. මේ මීදුම ඇත්තටම මොකක්ද, කාගේ වැඩක් නිසාද මෙහෙම උනේ, මීදුම ඇතුලේ සිරවුන අයට මොනවා වෙයිද, කෙවින්ට සහ් ඊව්ට මොකද වෙන්නේ. මීදුම නිසා වෙන සිදුවීම් මිනිස්සු කොහොමද දරාගන්නේ, ඔය වගේ ප්රශ්න වලට උත්තර කතාව බලන ඔයාලට දැනගන්න ලැබේවි. ඒ වගේම කුතුහලයෙන් පිරුණු නොහිතන විදිහේ අවසානයකුත් කතාව බලන ඔයාලට ලැබේවි.