Personal Taste TV Series


අපේ කතා නායිකාව තමයි “පාර්ක් ගේ ඉන්”, පොඩි කාලෙම අම්මා නැති වෙලා. තාත්තා රටේ ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙක්. එයත් ඉන්නේ රට. තාත්තා නිර්මාණය කරපු “සැංගොජේ” (“අනෝන්‍ය ආදර උදසා වෙන්වූ නිවහන”) කියන නිර්මානත්මක වටිනකමක් තියන ගෙදරයි මෙයා ඉන්නේ, මුලු ලෝකෙටම වඩා විශ්වාස කරන “කිම් ඉන් හී”, “යොන්ග් සෙඔන්” කියන යෙහෙලියෝ දෙන්නයි. තව එයාගේ වැඩ වලට උදව් දෙන පිරිමි යාලුවෙකුයි එයාට ඉන්නවා. අහ්…අමතක වුනානේ තව එයාට ඉන්නවා ලෝකේ පරිපූර්ණම පෙම්වතා (එයා හිතං ඉන්න විදියට), නම චැන්ග් රෙයුල්. අවුරුදු 10 තිස්සේ කාත් කවුරුවත්ම නැති “කිම් ඉන් හී’ ට සෙවණක් දුන්නෙත් “ගේ ඉන්” තමයි. කොහොම වුනත් අන්තිමට අපේ “පාර්ක් ගේ ඉන්ට”ජීවිතේ නපුරුම කලදසාව උදා වෙන්නේත් මෙයාලා නිසාම තමයි.
“ගේ ඉන්”……ගෘහ භාණ්ඩ නිර්මාන ශිල්පිණියක්. වයස 29ක්, ඒත් ජීවිතේ අඩියක්වත් ඉස්සරහට ගිය බවක් පේන්න නෑ. මෙයාගේ චරිතේ ගැන කියනවනම්, මෙයා අපිරිසිදුයි, අපිලිවෙලයි, නොසැලකිළිමත්, කලබලයි, පිටින් බැලුවම, තනිකරම මෝඩ නෝංජල්. කොටින්ම කොහෙත්ම ආකර්ශණීය නොවෙන ගෑණු ලමයෙක්. ඒත් ඇත්තම කතාව… “ගේ ඉන්” කියන්නේ අතිශය මානුශීය ගති ලක්ෂණ වලින් පිරිච්ච කෙනෙක්. ඒත් ඕනම කෙනෙක් ලේසියෙන් විශ්වාස කරනවා. ලේසියෙන් රැවටෙනවා, ආදරය කරද්දි තමන්ගේ අභිමානය ගැන තැකීමක් නෑ. මිනිස්සුන්ට ඕනවට වඩා අනුකම්පා කරන්න යනවා. ඒ හිංදා සමාජය එක්ක ගැටෙද්දි හැමදාම පරදිනවා.
අවුරුදු 10 ක් එකට හිටපු යාලුවා අන්තිමට එයාගේ පෙම්වතාවත් උදුර ගන්නවා. මගුල් ගෙදරට යනකංම මෙයා ඒක දන්නේ නෑ. ඒ අස්සේ මෙයාගේ පිරිමි යාලුවා මෙයාට හොරෙන් ගෙයි ඔප්පු ගෙනිහිං උකස් කරලා ණය වෙලා. නැතිභංගස්තාන වෙලා, අන්තිමට පැනලා යනවා, ඔන්න මෙයාගේ තරම! දැං අපේ පාර්ක් ගේ ඉන් වැටිලා ඉන්නේ අන්ත අසරණ අඩියකට. ඒත් මෙයාට තියෙන්නවා පුදුම ගති ගුණයක්. ඒ තමයි කොච්චර දුක් කරදර ආවත්… බිමටම වැටුණත් අඩ අඩා පැත්තකට වෙලා ඉන්නේ නෑ. ආපහු නැගිටිනවා. ඒත් පාඩමක් ඉගන ගත්තු බවකුත් පේන්නේ නෑ.
වංචාකර සේවකයෙක් නිසා සියලු දේවල් නැති වෙච්ච පවුලක එකම පුතා තමයි “ජින් හෝ”, පිටින් රලු තද චරිතයක්. ඉන්නෙත් අම්මා විතරයි. එකම අරමුණ එයාට නැතිවෙච්ච හැමදේම ආපහු ලබාගන්න එක. මෙයා තමන්ගෙම ගෘහ නිර්මාන ආයතනයක් කරං යනවා, එයා කැමති සටන් කරලා හැමදේම දිනාගන්න, බොරුවෙන් වංචාවෙන් නෙවේ, දක්ශතාවෙන්. ඒත් දැං එයා ඉන්නේ රැකියාව ගැන තීරණාත්මක තැනක. පොඩි කාලේ වෙච්චි දේවල් නිසාද කොහෙද මෙයා සාමාජේ ගැන හොදට දන්නවා. රැවටෙන්නේ නෑ. පිරිසිදු පිලිවෙල, ආකර්ශණීය පිරිමියෙක්.
සල්ලි ප්‍රශ්න නිසා අවුරුදු 30 ක් පුරා පිටස්තරයන්ට නෑරිච්ච තමංගේ ගෙදර කාමරයක් කුලියට දෙන්න “ගේ ඉන්” තීරණය කරනවා. මේ අලුත් බෝඩිංකාරයා වෙන්නේ “ජින් හෝ”. ගේ ඉන් හිතන්නේ මෙයා සමලිංගිකයෙක් කියලා. ඒ වාසිය නිසයි “ගේ ඉන්’ ගේ දොර ජින් හෝට ඇරෙන්නේ, නොගැලපෙන මේ දෙන්නා යාලුවෝ වෙයිද? “ගේ ඉන්” වෙනස් වෙයිද? ජින් හෝ මේ ගෙදරට ආපු සැබෑ හේතුව මොකක්ද? ජින් හෝ සමලිංගිකයෙක් වගේ රගපාන්න ගිහින් මොන අමාරුවක වැටෙයිද? වංචාකාර යාලුවන්ට වගේම පෙම්වතාට මොන වගේ ඉරණමක් අත්වෙයිද? හොදට හිනාවෙන්න පුලුවන් වගේම සංවේදි තැනුත් ගොඩක් තියනවා. රොමෑන්ටික් කොමඩියක් වුණාට යමක් ඉගන ගන්න පුලුවන් කතාවක්. එහෙනම් අපි ඔයාලටත් ආරාධනා කරනව මේ ලස්සන කතා මාලාව බලන්න කියල.