Oh My Ghost TV Series


මේකේ කතාවේ නායිකාව වෙන්නේ නා බොං සොන්. නා බොං සොන්ට රංගනයෙන් දායක වෙන්නේ සම්මාන ගණනාවකින් පිදුම් ලබපු ජනප්‍රිය නිලි Park Bo-young. දකුණු කොරියාවටම ඉන්න හුරතල්ම කෙල්ල කිව්වොත් හරියටම හරි, ඒක කොච්චර දුරට ඇත්තද කියලා ඔයාලම බලන්න. රංගනය ඒ තරම් සුවිශිෂ්ඨයි.
දැන් කතාව පැත්තට හැරුනොත්, නා බොං සොන් කියන්නේ කිසිම ආත්ම විශ්වාසයක් නැති, දුර්වල, ජීවිතේ එපා උන කෙල්ලෙක්. එයාට එහෙම වෙලා තියෙන්නේ හොල්මන් නිසා. ඔව්, එයාට ඇත්තටම හොල්මන් පේනවා. නා බොං සොන් වැඩ කරන්නේ රෙස්ටුරන්ට් එකක. ඒකේ අයිතිකාරයා තමයි කං සොන් වූ චෙෆ්. රංගනයෙන් දායක වෙන්නේ Jo Jung-suk. මේ කං සොන් වූ කියන්නේ තමා ගැන වර්ණනා කරගන්න හරිම ආඩම්බර චරිතයක්. කොහොම උනත් නා බොං සොන්ගේ හිතේ ඉන්නෙත් මේ කං සොන් වූ ම තමයි. මේ අතරේ ඉන්නවා කන්‍යාවක් වෙලා මැරුණ නිසා දිව්‍යලෝකෙට යන්න බැරුව සැරිසරන ආත්මයක්. ඒ තමයි ශින් සුන් හේ. මේ හොල්මනට රංගනයයෙන් දායක වෙන්නේ Kim Seul-gie. ඉතින් ශින් සුන් හේ ට මේ හොල්මනෙන් ගැලවෙන්න නම් පිරිමියෙක් එක්ක ඉන්නම වෙනවා. හැබැයි සමාන්‍ය පිරිමියෙක් මෙයාව සිපගත්ත ගමන්ම ඇග සීතල වෙලා ගිහින් හුස්ම ගන්න බැරිවෙනවා. ඉතින් කොහේ කරන්නද?.. ඒ නිසා මෙයාට හොයාගන්න වෙනවා ඒවට ඔරොත්තු දෙන ජෛව බල පිරිමියෙක්. ඒත් එහෙම අය ඉන්නේ මිලියනයකට එකයි. . ඒ නිසා මෙයා ලස්සන ගැහැණුන්ගේ ඇගවල් වලට රිංගලා ජෛව බල පිරිමියෙක් හොය හොය යනවා. මෙයාට එහෙම කෙනෙක් හොයාගන්න පුළුවන් වේවිද? ඒ කවුරු වේවිද?.
දවසක් අහම්බෙන් මේ හොල්මන නා බොං සොන්ගේ ඇගට ඇතුළු වෙනවා. එතන ඉදන් තමයි මේ හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නේ. කොහොම හරි ආඩම්බරකාර කං සොන් වූ චෙෆ්, නා බොං සොන්ට ආදරය කරන්නත් පටන්ගන්නවා. ඒත් ප්‍රශ්ණයක්?? චෙෆ් ආදරය කරන්නේ ඇත්තටම නා බොං සොන් ටද, නැත්තම් ඇගට ආවේශවෙලා ඉන්න හොල්මනටද? මේ ශින් සුන් හේ කියන හොල්මන මැරුණෙ කොහොමද? අභිරහසක්ද? ඒකට චෙෆ් එක්ක තියන සම්බන්ධය මොකද්ද? කතාව බලන්නම වෙනවා නේද? ඇත්තටම, ඉවර උනොත් අපරාදේ කියලා හිතෙන එක හුස්මට බලන්න හිතෙන ආදරය, භීතිය, දුක, සතුට එකට කැටි උන ලස්සන කොමඩි ලව්ස්ටෝරියක්. එහෙනම් ඔයාලත් බලලම තීරණය කරන්නකො කතාව කොහොමද කියල.





















