Pinocchio TV Series


කතාව දිහාවට හැරුනොතින් බොහොම සන්තෝසෙන් ජීවත් වෙන පවුලක් තියනවා. ඒ පවුලේ පුතාලා දෙන්නට සහජ බුද්ධියක් තියනවා. කතාව බලාගෙන යද්දි තේරේවි ඔයාලට ඒ කිව්වෙ මොකක්ද කියලා. කොහොමහරි මේ ලස්සන පවුල එක දවසකදි විනාස වෙලා යනවා. මේ විනාශය තමයි මේ කතාවේ නිධාන කතාව වෙන්නේ. ඒ කොහොමද ,ඊළගට මොකද වෙන්නේ කියලා කතා ව බලද්දි තේරෙයි. මං කතාව කෙටියෙන්ම කිව්වෙ මේක බලලම තෙරුම් ගන්නෙක හොදයි කියලා හිතුන නිසා.
I can hear your voice, Doctor stranger වගේ ජනප්රිය කතා මාලා ගණනක හිටපු ලී ජූන් සුක් මේ කතාවෙ චෝයි දල් පෝ විදිහටත්; The heirs, You’re beautiful වගේ ජනප්රිය කතා මාලා ගණනක හිටපු පාර්ක් ශින් හයි, චෝයි ඉන් හා විදියටත් ඉන්නවා.
තව දෙයක් මේ කතාවේ ”පිනෝකියෝ”ලා කීප දෙනෙක්ම ඉන්නවා. ඇත්තටම මේ කතාවට අනුව නම් ”පිනෝකියෝ” කියන්නේ එක්තරා අසනීපයක් කියලා තේරෙන භාෂාවෙන් කියන්න පුලුවන්.ඒත් මේක හරිම අහිංසක අසනීපයක්. එහෙනම් ඉතින් කතා මාලාව බලලම කතාවෙ හොද නරක තීරණය කරන්නකො.