Seven First Kisses TV Series


මේ කතාවේ තියෙන විශේෂත්වය තමයි අපි හැමෝම දන්න නලුවෝ 7ක් ඉන්න එක. ඒ කියන්නෙ මෙහි ප්රදාන චරිත නිරූපනය කරන්නෙ Moon Lovers – Scarlet Heart Ryeo වගේම Scholar Who Walks the Night හි රගපෑ Lee Joon Gi,My love from Another star හි රගපෑ Park Hae Jin, Healer හි රගපෑ Ji Chang Wook, EXO Next Door හි රගපෑ Kai, Bring it on Ghost හි රගපෑ Ok Taecyeon, I Hear Your Voice වගේම W-Two Worlds හි රගපෑ Lee Jong Suk,The Legend of the Blue Sea වගේමBoys Over Flowers හි රගපෑ Lee Min Ho. කොරියානු කතා රසිකයින්ට නම් මොවුන් අලුත් මුහුණු නොවේ. ඒ වගේම මෙහි ප්රදාන නිලියගෙ චරිතය නිරූපනය කරන්නෙWho Are You – School 2015 හි රගපෑ Lee Cho Hee.
හරි එහෙනම් මේ කතාව ගැන විස්තරයක් කලොත් මේක විනෝදය ආදරය පිරුනු කතාවක්. සූ ජින් කියන්නෙ අවුරුදු 25ක A duty free වෙළඳ සැලක සේවිකාවක්. එයාට ජීවිතයේ කවදාවත් පෙම්වතෙක් ඉදලා නෑ. ඒ වගේම කවදාවත් හාදුවක් ලබලත් නෑ. මේ නිසාම ඇය ඒ ගැන ඉන්නෙ ගොඩක් දුකින්. දවසක් ලස්සන කාන්තාවක් ඇවිත් සූ ජින්ගේ මේ බලාපොරොත්තුව ඉශ්ට කරගන්න උදවු කරනවා. අපි බලමු එහෙනම් සූ ජින් එයාගේ බලාපොරොත්තුව ඉශ්ට කරගන්නේ කොහොමද කියලා. අපි හිතනව ඔයාලත් මේ කතා මාලාව ආසාවෙන් බලයි කියල.