My Girlfriend Is a Gumiho TV Series


අපේ කතා නායකයාගේ නම තමයි චා දේ වුන්ග්. ඔහු මනුෂ්‍යයෙක් වුනාට ඔහුගේ පෙම්වතිය නම් මනුෂ්‍යයෙක් නෙමෙයි. හරියටම කිව්වොත් ඇය වලිග 9ක් තියෙන නරියෙක්. පුදුමයි නේද? මේ නරියා මස් කන්න හරිම කෑදරයි. කන්න අරන් දුන්නෙ නැත්තම් දේ වුන්ග්ව හරි කන්න බලාගෙන තමයි ඉන්නෙ. කොහොමද මේ වගේ කෙනෙක් ඔහුගේ පෙම්වතිය වුනේ?
දේ වුන්ග්ගේ පෙම්වතියගේ නම ගුම්හිඕ. ගුම්හිඕ කියන්නෙ කොරියානු ජනප්රවාදයක එන චරිතයක්. ඇය අවුරුදු 500කට කලින් ජීවත් වුනේ. නරියෙක් වුනත් ඇයට ඕන වුනේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන්න. මේ නිසා ඇය මිනිස් ස්වරූපයෙන් මනුස්ස ලෝකයට ආවා. ඇයට තිබුනේ සාමාන්‍ය තරුණියකට හිමිනොවන ආකාරයේ දුටුවන් මෝහනය කරන ඉතාම ලස්සන පෙනුමක්. මේ නිසා ගැටළු මතුවුණා. ඉතින් ඇයව පාලනය කරන දේවතාවිය යලිත් කිසිදු දවසක මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්නට නොහැකිවන ලෙසට ගුම්හිඕ ව චිත්රයක හිරකරලා තිබ්බා. මේ විදියට ඇය අවුරුදු 500ක්ම හිරවෙලා හිටියා.
ඉතින් කොහොමද මේ දෙන්නා මුණ ගැහෙන්නෙ? ඒක දැනගන්න ඉතින් කතාව බලන්නකෝ. මේ කතාව වෙනස්ම විදියේ ලස්සන කතාවක්. ඇති තරම් හිනාවෙන්න පුළුවන් කතාවක්. සමහර වෙලාවට සංවේදී බවකුත් තියෙනවා. ඒ වගේම ආදරය ගැන වෙනස් මානයකින් බලන සුවිශේෂී ආදර කතාවක් විදියටත් මෙය හඳුන්වන්න පුලුවන්. කොහොම වුනත් මේ කතාව නම් කියන්න දෙයක් නෑ ඇත්තටම ලස්සනයි. ඉතින් ඔයාලත් බලලම තීරණය කරන්නකො කතාව කොයි තරම් හොදද කියන එක.