The Mentalist TV Series


මේකේ ප්‍රධානතම චරිතය තමයි පැට්රික් ජේන් කියන්නේ. මෙයා සාමාන්‍යයෙන් එක විදියක ශර්ලොක් හෝම්ස් කෙනෙක්. මෙයාට විශේෂයෙන්ම මනුස්සයෝ බොරු කියනකොට, ඒක දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තැන නොතැන නොබලා හතරවිලි ලැජ්ජා නැති වැඩත් ඉඳලා හිටලා කරනවා. ඒක තමයි මේ කතාවේ රසය. මෙයා ඉස්සරකාලේ මලවුන් සමග කතා කරන්නෙක්. දවසක් මෙයා රූපවාහිනී වැඩසටහනකට ගිහිල්ලා, රෙඩ් ජෝන් කියන මිනීමරුවෙකු ගැන කටමැත දොඩවනවා. ඒ හේතුව නිසා, ආපසු මෙයා ගෙදරට එද්දී මෙයාට දකින්න ලැබෙන්නේ තමුන්ගේ බිරිඳ සහ චූටි දුවණියගේ මරණයන් විතරයි. රෙඩ් ජෝන් විසින් මෙයාගේ පවුලේ අය මරාදැමීම හේතුවෙන්, මෙයා CBI කියන විශේෂ අපරාධ විමර්ශණ ඒකකයකට බැඳිලා, රෙඩ් ජෝන් කියන මිනීමරුවා අල්ලන්න වෙර දරනවා. මෙයාගේ ජීවිතේ තියෙන එකම අධිශ්ඨානය තමයි රෙඩ් ජෝන් ව අල්ලලා, තමුන්ගේ දෑතින්ම එයාව මරන එක. ඒ අතරේ මෙයා බහුලව අනෙකුත් අභිරහස් මිනීමැරුම් පවා විසඳනවා, ඒ වුනාට රෙඩ් ජෝන් කියන්නේ ශර්ලොක් හෝම්ස් කතාවේ මොරියාටි වගේ කපටියෙක්. එයා තමුන් හිතන විදියේ කෙනෙක් නෙමෙයි කියලා එයාට තේරුම් යන්නේ පස්සේ. ඉතින් අපේ කතා නායකයට රෙඩ් ජෝන්ව අල්ලගන්න පුලුවන් වෙයිද කියල දැනගන්න ඔයාලටත් වෙනව මේ කතා මාලාව බලන්න.