Shooter TV Series


බොබ් ලී ස්වැගර් කියන්නේ මැරීන් ස්නයිපර් සෙබලෙක්. එසේ මෙසේ ස්නයිපර් කෙනෙක් නෙවේ. ලෝකෙන්ම ඉන්න හොදම කීපදෙනා අතරින් කෙනෙක්. ඉතින් මේ බොබ් ලී ස්වැගර් යම් සිද්දියක් නිසා හමුදාවෙන් ඉවත්වෙලා තමන්ගේ පවුලේ අයත් එක්ක ඉන්දැද්දී කැප්ටන් ජොන්සන් මෙයාව හොයාගෙන එනවා.කැප්ටනුත් දැන් හමුදාවෙන් අයින්වෙලා රහස් සේවයේ වැඩ කරන්නේ. කැප්ටන් කියන හැටියට ස්නයිපර් කෙනෙක් ජනාධිපතිට මරණ තර්ජන එල්ල කරලා තියෙනවා.ඉතින් ජොන්සන්ට අවශ්‍ය ජනාධිපතිවරයාගේ තර්ජනය මැඩලන්න බොබ් ලීගේ සහය ලබාගන්න.
මොකද මේ තර්ජනය එල්ල කරලා තියෙන්නෙත් එසේ මෙසේ ස්නයිපර් කෙනෙක් නෙවෙයි. මුළු ලෝකෙම භීතියට පත්කරන් ඉන්න කොටින්ම කිව්වොත් බොබ් ලී ස්වැගර්ටවත් අල්ලගන්න බැරිවුනු ස්නයිපර් කෙනෙක් වන සොලටොව්. ඉතින් බොබ් රටේ නායකයගේ ජීවිතේ බේරගන්න සැලසුමක් හදලා දීලත් ජනාධිපතිවරයාව ඝාතනය වෙනවා. ඒ වගේම ඒ ඝාතනයට පටලැවෙන්නෙත් බොබ් ලීවම තමයි. ඉතින් ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නෙ. බොබ් ලීට මේ වෙච්ච කරදරයෙන් බේරෙන්න පුලුවන් වෙයිද? සොලටොව් අල්ලා ගන්න ඔහුට හැකි වෙයිද? මේ දේවල් දැනගන්න නම් ඔයලත් මේ කතා මාලාව බලන්නම වෙනව.





















