Shadowhunters TV Series


ක්ලැරි ෆ්රේ තමුන්ගේ 18 වැනි උපන්දිනය දවසේ බොහොම සතුටෙන් ඉන්නේ, මොකද ඇයගේ ජිවිත කාලයේම සිහිනය වුන චිත්ර කලාවෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වන ඇය අද ලොකු පිම්මක් පනින්න තමයි සුදානම. නමුත් එතන තෝරාගැනීමේ මණ්ඩලයේ ඇස යොමු වෙන්නේ ඇයගේ කුරුටු බලි වෙත. ඒවා කෙසේ වෙනත් නමුත් එහි යමක් තියනවා දකින්න. ඒ ඇය තවමත් නොදකින යමක්.ඇයගේ මව කෙසේ හෝ තමුන්ගේ දුවණියට යමක් කියන්නයි සුදානම් වෙන්නේ. නමුත් දෛවය ඇයට හරස් වෙන්නේ නොසිතූ ලෙසකින්. මේ සියල්ල එක්කම් ක්ලැරි තමුන්ගේ උපන් දිනය සමරන්නට ගොස් සිටින වෙලේ ඇය දකිනවා ඝාතනයන්. නමුත් මෙය එසේ මෙසේ දෙයක් නෙමෙයි, මොකද වට පිටිටාවේ කිසිවෙන් ඇය දකිනා දේ දකින්නේ නැහැ. මොකද මෙහෙම වෙන්නේ? මේ සියල්ලට මැදි වෙන අගේ ඇති තරුණයෙක් වෙතත් ඇයගේ ඇස යොමු වෙන්නේ නොදැනීම. ඔහු කවුද? ඇයගේ මවගේ රහස කුමක් ද? ඇයගේ රහස කුමක් ද? මොකද්ද මේ සෙවනැලි ලෝකය ? මේ හැමදේටම උත්තර දැනගන්න නම් ඔයාලටත් වෙනව කතා මාලාව නරඹන්න.