Rooftop Prince TV Series


මේ කතාව පටන් ගන්නෙ ජෝසෙන් කියන කාලයෙදි, ඒ කියන්නෙ දැනට වඩා අවුරුදු 400කට විතර කලින්. දවසක් කිරුළ හිමි කුමාරය නිදාගෙන නැගිටලා බලනකොට තමන්ගෙ කුමරිය නෑ. එයාව හොයන්න ගියාම දැනගන්නවා එයා මැරිලා කියලා. දුක වැඩි නිසාම කුමාරයා හිතාගන්නවා මේකට පළිය ගන්නවා කියලා. ඒ නිසා රහසින්ම තව අපරාධ විසඳන්න දක්ෂ තුන්දෙනෙක් එකතු කරගෙන අභිරහස විසඳන්න පිටත් වෙනවා. මෙයාලගෙ පස්සෙන් අපරාධකාරයො, මැරයො වගයක් එවනවා. එයාලගෙන් බේරෙන්න පැනලා යනකොට මොකක්හරි බලවේගයකින් මෙයාලව අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වුනු හතර දෙනා මතුවෙන්නෙ ගෙදරකදි. ඒ අපේ කාලෙදි. ඒ ගෙදර ඉන්නෙ එක ගෑණූළමයෙක් විතරයි. එයාටත් ලොකු දෙයක් වුනු නිසා තමයි එයා මේ ගෙදරට ආවෙ. මෙතනින් පස්සෙ තමයි කතාවෙ හොඳ හරිය, නැත්තම් කම්මැලි හරිය ඉවර වෙන්නෙ. ගොඩක් විහිළු තැන් ඔයාලට බලාගන්න පුළුවන් මොකද මෙයාලා තාම මේ ලෝකෙට හුරු වුනේ නැති නිසා. තව මේ කුමාරයට මේ ලෝකෙදි කුමරියව ආයෙත් මුණ ගැහෙනවා වගේම කුමාරයා වගේම කෙනෙකුත් මුණ ගැහෙනවා. කොහොමද එහෙම වෙන්නෙ? මේ පුනරුප්පත්තියක්ද? ඇයි එයාලා මේ කාලෙට ආවෙ? ආයෙ ගෙදර යන්නෙ කොහොමද? කවුද මේ අපි වැටුනු ගෙදර අයිතිකාරි? මේවා තමයි ඒ හතර දෙනාටත් තිබුනු ප්රශ්න. මේවා ඔයාලටත් ප්රශ්න වේවි. මේ කතාව පුරාවට මෙයාලා කරන්නෙ ඒ ප්රශ්න වලට උත්තර හොයාගන්න එක. ඔයාලත් මෙයාලා එක්කම ඒ ප්රශ්න වලට උත්තර හොයලා දැනගන්න. එහෙනම් අපි ඔයාලටත් ආරාධනා කරනව මේ ලස්සන කොරියානු කතා මාලාව නරඹන්න කියල.