No Game No Life TV Series


මේ සීරීස් එක Yuu Kamiya කියන කෙනාගේ Light novel එකක් පාදක කරගෙන කරපු Animation එකක්. කතාව ගෙතෙන්නෙ Sora කියන වැඩිමහල් සහෝදරයා සහ Shiro කියන පුංචි සහෝදරිය වටාය. මොවුන් ඇත්ත ලෝකය වැඩකට නැති දෙයක් කියන දැඩි මතයේ ඉන්නේ. ඒ නිසා මෙයාලා වටිනවා කියලා හිතන එකම දෙය වෙලා තියෙන්නේ Game සෙල්ලම් කිරීමයි. ඒ හින්ද මොවුන් දෙදෙනා Game සදහා ඉතාමත් ඇබ්බැහි වූවන්. ඉතින් මෙයාලා සෙල්ලම් කරන හැම game එහෙකින්ම අනිවාර්යයෙන්ම පළමු තැන ලබා ගන්නවා. මෙහෙම දින ගෙවෙන අතරේදී එක් දිනක් මොවුන්ට නොදන්නා ලිපිනයකින් E-mail එකක් එනවා online චේස් තරගයකට ආරාධනා කරලා. මේ තරම් දක්ෂ දෙදෙනා ඒ චෙස් තරගය එතරම් ලේසි වුනේ නෑ. මොකද එයාලා දන්නේ නැති වුනාට එහා පැත්තේ හිටියේ දෙවියෙක්. ඉතින් තරගය දිනුව නිසා මෙයාලට දිව්‍යමය වරමක් ලැබෙනවා මේ වැඩකට නැති ලෝකේ අත ඇරලා game ලෝකෙක නැවත ඉපදීමට. ඔය විදියට තමයි කතාව පටන් ගන්නේ. ඉතින් අපේ යාලුවොත් මේ කතා මාලාවට ගොඩක් කැමති වෙයි කියල හිතනව.