Designated Survivor TV Series


ඇමරිකාවෙ සියලුම මැති ඇමතිවරු සහ ජනාධිපතිවරයා එකම ස්ථානයකට රස් වෙලා ඉන්න වෙලා විශාල බෝම්බ පිපුරුමක් වෙනව. මේකෙන් සියලුම කැබිනට් සාමාජිකයන් මිය යනව. නමුත් එක් පුද්ගලයෙකුට පමණක් මේ ප්රහාරයෙන් දිවි ගලවා ගැනීමට හැකි වෙනව. ඒ තමයි අපේ කතා නායකය. ඉතින් ඔහු නොහිතපු විදිහට ජනාධිපති තනතුර ඔහුට හිමි වෙනව. ඉතින් ඔයාලට කතාවෙන් බලාගන්න පුලුවන් ඉදිරියට කවුද මේ බෝම්බ පිපුරුම පිටුපස ඉන්නෙ, මොකක් නිසාද එහෙම දෙයක් කරන්නෙ, හදිසියේම ජනපති වුනු අපේ කතා නායකයට මොන වගේ අභියෝග වලට මුහුන දෙන්න වෙයිද කියල. එහෙනම් ඔයාලටත් පුලුවන් මේ කතාව බලල මේ ප්රශ්න වලට උත්තර හොයාගන්න.