Elementary TV Series


ෂර්ලොක් හෝම්ස්ට කැමති අයනම් මේ කථා මාලාවට ගොඩක් කැමති වෙයි. අනිත් අයත් කැමති වෙයි කියලා අපි හිතනවා. ෂර්ලොක් හෝම්ස් ඉන්නව කිව්වම මේක රහස් පරීක්ෂක කථා මාලාවක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මේ කථාවෙ මුල් ෂර්ලොක් හෝම්ස් කතා වලට වැඩිය වෙනස්කම් කීපයක් තියෙනවා. එකක් තමයි මෙම කථාව ගලාගෙන යන්නෙ මෑත කාලයෙදි සිදුවන අපරාධ සිද්ධීන් එක්ක. තවත් විශේෂ දෙයක් තමයි මේකෙ ජෝන් වොට්සන්ගෙ චරිතයට දායකවෙන්නෙ කාන්තාවක්. ඒත් එක්කම මේ දෙන්නටම ක්රියාත්මක වෙන්න වෙන්නෙත් නිව්යෝර්ක් නගරයේ ඉඳලා. තව මේ කථාවෙ තව සුපුරුදු චරිත කිහිපයකුත් ඉන්නවා.
මේ කථා මාලාවෙ මුලදිම හෝම්ස්ට වොට්සන්ව හම්බ වෙන්න හේතුව අපිට දැනගන්න පුලුවන් වෙනවා. මේ දෙන්නට මේ කථාවෙදි විසඳන්න වෙන්නෙ අභිරහස් ලෙස ඝාතනය වුනු රූමත් කාන්තාවක් පිලිබඳ පරීක්ෂණයක්. ඒත් එක්කම සුපුරුදු ලෙසම මේ පරීක්ෂණයට ආරාධනය ලැබෙන්නෙ පොලිස් පරීක්ෂක ග්රෙග්සන්ගෙන්. ඉතින් මේ කථාව බලලා පරීක්ෂණයෙ සාර්ථකත්වය බලන එක අපි ඔයාලටම භාර කරනවා.