49 Days TV Series


ශින් ජි හ්යුන් කියන්නේ ගොඩක් ධනවත් ඒ වගේම කිසිම දුකක් නැතිව තමන්ගේ ජිවිතේ ගත කරන කෙනෙක්. ඉතින් එක දවසකදී මෙයා රිය අනතුරකට මුහුණ දෙනවා. මේ රිය අනතුරෙන් නිසා ශින් ජි හ්යුන් කෝමා තත්වයට පත් වෙනවා. නමුත් මේ කෝමා තත්වයෙන් පස්සේ මෙයාගේ මනෝමය ශරීරය සිරුරෙන් අයින් වෙලා හැමතැනම සැරිසරනවා. මේ අවස්ථාවේදී මෙයාට හමුවෙනවා රීපර් කෙනෙක්ව. ඉතින් මේ රීපර් ශින් ජි හ්යුන්ට නැවතත් ජිවත් වෙන්න අවස්ථාවක් ලබා දෙනවා. ජි හ්යුන්ට නැවතත් ජිවත් වෙන්න ඕනි නම් එයා වෙනුවෙන් ඇත්තටම අඬන තුන් දෙනෙකුගේ කඳුළු බිංදු තුනක් එකතු කරගන්න. ඕනි ඉතින් එයාට මේ දේවල් කරන්න තියෙන්නේ දින 49 විතරයි. මේ දින 49 ඇතුලතදී එයාගේ ජිවිතේ සිදු වෙන සිදුවීම් මාලාව තමයි කතාවට ඇතුලත් වෙන්නේ. ඉතින් ජි හ්යුන්ට නැවතත් ජිවත් වෙන්න ලැබෙයිද ? ඒ වගේම ඒ අතරතුරදී එයාට සිද්ද වෙන ප්රශ්න ඒවා විසඳාගනීවිද? මේ දේවල් බලන්න නම් ඔයාලට කතා මාලාව බලන්න වෙනවා.