Lucifer TV Series


අපේ කතා මාලාවෙ ප්‍රධාන චරිතය තමයි ලුසිෆර් කියන්නෙ. ඔහු සාමාන්‍ය මනුෂ්‍යයෙක් නෙවෙයි. ලුසිෆර් කියන්නෙ යක්ෂයෙක්. ඒත් මේ කතාවෙදි නම් ලුසිෆර් අපායෙන් පිටුවහල් කරල අපේ ලෝකයට ඇවිත් තියෙන්නෙ. යක්ෂයෙක් වුනාට නමෙන් කිව්ව වගේ සෙල්ලක්කාර යක්ෂයෙක්. කතාව බලද්දි ඔයාලට තේරෙයි ඇයි එහෙම කියන්නෙ කියල. ලුසිෆර් යක්ෂයෙක් නිසා කිසියම් හැකියාවක් ලැබිල තියෙනව ඔහුට. ඒ අතරෙ ලුසිෆර්ගෙ යාළුවෙක්ව කිසියම් පුද්ගලයෙක් ඝාතනය කරනවා. මේ ඝාතනය සම්බන්ධව ලුසිෆර් තමන්ගෙ හැකියාවල් යොදාගෙන කරන හොයාබැලීමක් ගැන තමා කතාවෙ තියෙන්නෙ. ඒ අතරෙ අපායෙ අයගෙන්, ඒ කියන්නෙ අනිත් යක්ෂයන්ගෙන් ලුසිෆර්ට විවිධ කරදර ඇතිවෙනවා. ඉතින් මේ හැම දේම විසදගෙන ලුසිෆර් අපේ ලෝකෙ ජීවත්වෙන හැටි බලන්න අපි ඔයාලටත් ආරාධනා කරනව. ඔයාලත් මේ කතාවට කැමති වෙන බව නොඅනුමානයි.