The Last Ship TV Series


ඔන්න අපි අදත් ආව ඔයාලට ලස්සන කතා මාලාවකුත් අරගෙන. මේ සීරීස් එක විකාශනය ආරම්භ කලේ 2014 වර්ශයේදීයි. සීරීස් එක Action, Drama, Sci-Fi කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. ඒ වගේම තමයි මේ සීරීස් එකට 7.5 ක IMDB අගයක් ලැබිල තියෙනව. එහෙනම් අපි දැන් ඔයාලට කතාව ගැන කියන්නම්කො.
ඇත්තටම මේ කතා මාලාවෙ මිනිස්සුන්ට අමතරව වෙනත් ප්‍රධාන චරිතයකුත් තියෙනව. ඒක යුධ නෞකාවක්. ඒකෙ නම තමයි නේතන් ජේම්ස්. මේකෙ අනිත් ප්‍රධාන චරිතය වෙන්නෙ මේ නෞකාවෙ කැප්ටන්. ඒ කියන්නෙ ටොම් චැන්ඩ්ලර්. සහ කාන්තා ප්‍රධාන චරිතය රේචල් ස්කොට්. ඇය වෛද්‍යවරියක්. ඉතින් අපි බලමු මේ අය කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නෙ කියල.
කතාව පටන් ගන්නෙ උත්තරධැවයෙ ඉදල. මේ නාවික යාත්‍රාව උත්තරධැවයට ඇවිල්ල තියෙන්නෙ රෙචල් සහ එයාගෙ පරීක්ෂණ කණ්ඩායමකට අවශ්‍ය යම්කිසි දෙයක් හොයාගන්න අරමුනෙන්. නමුත් මේ හොයන්නෙ මොනවද කියන එක මේ නෞකාවෙ ඉන්න කිසිම කෙනෙක් දන්නෙ නෑ. කොහොම හරි මේ දේ හොයාගෙන යන කණ්ඩායමට වෙනත් පාර්ශවයකින් ප්‍රහාරයක් එල්ල වෙනව. මේ ප්‍රහාරයෙන් පස්සෙ ටොම් දැනගන්නව ඔවුන් ආවෙ රේචල් හොයන දේ හොයාගෙනමයි කියල. ඉතින් ටොම්, රේචල්ගෙන් බලකරල අහනව ඇය හොයන දේ ගැන.
ඇය ඒ වෙලාවෙ කියන්නෙ අමුතුම කතාවක්. ඇය කියනව මුලු ලෝකෙටම මේ වෙනකොට වෛරස් එකක් ව්‍යාප්ත වෙලා තියෙන බව. නෞකාවෙ කට්ටිය ඒක නොදන්නෙ ඔවුන් මුහුදේ දිගටම හිටපු නිසාත් බව. රේචල් හොයන දේ තමයි මේ වෛරස් එක නැති කරන්න පුලුවන් බෙහෙත කියල ඇය කියනව. ඉතින් ඇය කියන්නෙ ඇත්තක්ද? මෙහෙම වෛරස් එකක් ලෝකෙටම බෝ උනේ කොහොමද? ඔවුන්ට ඉදිරියේදී තව මොන වගේ අභියෝග එල්ල වෙයිද? මේ දේවල් වලට උත්තර ගන්න නම් ඔයාලට මේ කතා මාලාව බලන්නම වෙනව.