I Hear Your Voice TV Series


අද අපි ඔයාලට අරගෙන ආව කතා මාලාව ගෙතිල තියෙන්නෙ විශේෂ දක්ෂතාවයක් තියෙන කෙනෙක් වටායි. හැබැයි එයාට නම් තිබෙන්නෙ ටිකක් භයානක දක්ෂතාවක්. මොකක්ද දන්නවද, එයාට පුලුවන් අනිත් අයගෙ හිත් කියවන්න. කොහොමද අපි ලඟ අනිත් පැත්තෙ ඉන්න කෙනාට අපේ හිත කියවන්න පුලුවන් කියල කිව්වොත් අපිට දැනෙන අපහසුතාවය. ඒක හරිම භයානකයි නේද? අන්න ඒ වගේ දක්ෂතාවක් තියෙන පිරිමි ළමෙක් ගැන තමයි මේ කතාව තියෙන්නේ.
පාර්ක් සෝහා, එයා තමයි අපේ කතා නායකයා. හැබැයි එයාට තියෙන මේ දක්ෂතාවය අනිත් කවුරුවත්ම දන්නෙ නැහැ. එයා පාසලේ ළමුන් අතර ජනප්රිය චරිතයක්. අපිට ඉන්නවා කතා නායිකාවකුත් එයා ජන්ග් හේ සන්ග්, නීතීඥවරියක්. ඇගේ බලාපොරොත්තුව රජයේ නීතීඥයෙක් ලෙසට සේවයට එක්වෙන එකයි. ඉතින් ඇය සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුනාම ඇයට ඒ තරම් හොඳ ප්රතිචාරයක් ලැබෙන්නෙ නැහැ. ඒත් ඇය පරීක්ෂණ මණ්ඩලයේ ඉල්ලීමට අනුව ඇගේ අතීත කතාවක් පවසනවා. අන්න එතනින් තමයි පාර්ක් සෝහා සහ ජන්ග් හේ සන්ග් එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා අපිට දැනගන්න පුලුවන්. ඔයාලම බලන්නකො කොහොමද මේ දෙන්නගේ අතීත සම්බන්ධෙ ඇතිවෙලා තියෙන්නෙ කියලා