Dark Matter TV Series


කතාව ආරම්භයේදීම කට්ටියට දකින්න පුළුවන් විනාස වෙච්ච යානයක් සහ නින්දෙන් ඇහැරෙන 6 දෙනෙක්. හැබැයි මේ හය දෙනාගෙන් කාටවත් මතක නැහැ තමන් කවුද ඒ යානයේ මොනවාද කරන්නේ කියලා? කට්ටියට නම් මතක නැති නිසා කට්ටිය ඇහැරුණු පිළිවෙලට නම් දාගන්නවා. one, two, three, four, five, six ආදීවශයෙන්. ඇත්තටම ගැටලුවක්නේ . මේ 6 දෙනාගෙන් 5දෙනෙක් කවුද කියන එකටනම් පිළිතුරක් හම්බවෙනවා. නමුත් ඒක එයාලා හීනෙකින්වත් නොහිතපු විදිහේ දෙයක්.නමුත් තවත් ප්රශ්න ඉතුරුයි.
ලොකුම ප්රශ්නේ තමයි කවුද මොකක් නිසාද කවද්ද කොහොමද මෙයාලගේ මතකය නැතිවුනේ ? ඒක අනතුරක් නොවන බවනම් මෙයාලා දැනගන්නවා. ඉතින් දැන් මේ අය ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය තමයි කිසිම දෙයක් මතකයේ නැතිව තමන්ට වුන දේ ගැන හොයාගන්නේ කොහොමද කියන එක? ඒ අභියෝගය ඔවුන් ජයගනිවිද කියලා බලන්න ක්රියාදාමයන් තියෙන මේ කතාමාලාව හැමෝටම නරබන්න කියලා ආරාධනය කරනවා. අපි විශ්වාස කරනව මේ කතා මාලාවට ඔයාල ගොඩක් කැමති වේවි කියල.