Autumn in My Heart TV Series


මා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ? අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම වැදගත්. අපි කියන්නම් කතා සාරාංශය, හැබැයි සැකෙවින්. ඔක්තෝබර් මාසයේ එකම දිනයක බිළිදියන් දෙදෙනෙකු උපදිනවා. එකම දිනයේ තම උපන්දිනය සමරන ඔවුන්, වාසය කරන්නේ එකම ගමේ. ඒ විතරක් නොවෙයි අහම්බෙන් මෙන් ඔවුන් ඉගෙනගන්නේ එකම පාසලේ. එකම පන්තියේ. එක දැරියක් ජීවිතය උපරිමයෙන් රස විදිනවා. ඈ පොහොසත්. දෙමව්පියන්ගේ හා එකම සොහොයුරාගේ ආදරය නිතැතින්ම ඇයට හිමියි. ඈ නමින් ‘ඉන් සූ‘ එහෙත්, ‘ෂින් ඒ‘ නමැති අනිත් දැරියගේ ජීවිතය මිහිපිට අපායක් වගෙයි. අතිශයින්ම දිළිදු ඇගේ ජීවිතය කරදරවලින් බහුලයි.
එක් දිනක් ඉන් සූ රිය අනතුරකට මුහුන පානවා. එහිදි සිදුකෙරෙන රුධිර පරීක්ෂාවකදී අනාවරනය වෙනවා ඈ උපතේදි අන් කෙනෙකු හා හුවමාරු වී ඇති බව. ඉතින් සොයා බලනකොට එහෙම මාරු වෙලා තියෙන්නෙ ෂින් ඒ සමග. කෙසේ වෙතත්, කරුණු කාරණා අවසානයේ එළිදරව් වී සත්‍යය හිස ඔසවනවා. ඉන් අනතුරුව නීතිය ඔවුන් තම තමන්ගේ නියම දෙමව්පියන් වෙත යොමු කරනවා.ඉන් සූගේ සොයුරා, ජුන් සූ මේ ගැන ඉන්නේ දැඩි කළකිරීමකින්. ඔහුට මෙය කිසිසේත්ම දරාගන්නට බෑ. වසර කිහිපයකට පසුව, අහම්බෙන් ඉන් සූ හා ෂිං ඒ නැවත මුනගැහෙනවා හෝටලයකදී. ඉන් සූ එහි සේවය කරන දුප්පත් සේවිකාවක්. ෂිං ඒ එම හෝටලයේ කළමනාකාරිනියක්.දැන් ජුන් සූ ඉතාම සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඔහුට දැන් පෙම්වතියක්ද සිටිනවා. දිනක් ඔහුගේ සමීපතම මිත්‍රයෙක් තමාගේ පෙම්වතියව ඔහුට හදුන්වා දෙනවා. ඒ අන් කිසිවෙකු නොවේ, ඉන් සූ, කලකට පෙර ඔවුන්ගෙන් වෙන්වුනු නැගනියයි. එතැන් පටන් මේ බැදීම් නිරායාසයෙන්ම සංකීර්ණ වන්නට පටන්ගන්නවා. ඉන්පසුව ඒවා තීරණාත්මක අවසානයක් දක්වා විහිදෙනවා.
කලක් අයියා නංගියි යැයි එකිනෙකා හැදිනු ‘ඉන් සූ‘ හා ‘ජුන් සූ‘ පෙම්වතුන් වනවා. මේ අසම්මත ප්‍රේම වෘතාත්නයේ අවසානය කුමක්ද? මොවුන්ගේ ජීවිත වලට කුමන ආකාරයේ බලපෑම් එල්ල වෙයිද? මේ දේවල් දැනගන්න නම් ඔයාලටත් සිදු වෙනව මේ කතා මාලාව බලන්න.