Homeland TV Series


ඉරාකයේ මෙහෙයුමකින් අතුරුදහන් වෙන ඇමරිකානු මැරීන් බලකා සෙබළෙක් හදිසියේම කරන වැටලීමකදි බේරගන්නවා. ඒ අවුරුදු අටකට පස්සේ. ඔහු මිය ගියා කියලා තමා හැමෝම හිතන් ඉන්නේ. ඒත් මෙහෙම අතුරුදහන් වෙලා ඉන්න සෙබළෙක් බේරගත්තා කියන කොට යුද්ධය කෙරෙහි මිනිස්සුගේ විරෝධාකල්පය අයින් කරවලා ජන සහය දිනාගන්න, මුළු රටටම ඔහු වීරයෙක් කරන්න දේශපාලන බලවතුන් හා මාධ්‍ය කටයුතු කළත් එකම එක CIA නියෝජිත වරියෙක් හිතනවා මේ වීරයෙක් නෙවෙයි අල් කයීඩා එකෙන් තමුන්ගේ පැත්තට වැඩ කරන්න නම්ම ගත්තු තස්ත්‍රවාදියෙක් කියලා. ඒ සැකේ ඔප්පු කරන්න ඇය බොහෝ දේවල් කරන්න ලෑස්තියි. ඒ ගැන තමයි මේ කතා මාලාවෙන් කියවෙන්නෙ. ඉතින් ඇය හිතන දේ හරිද කියල දැනගන්න නම් ඔයාලටත් වෙනව මේ කතා මාලාව නරඹන්න.