Frequency TV Series


ඇයගේ නම රේමි සලිවන්. ඇය පොඩිකාලේ රේමිගේ තාත්තා එයාගේ අම්මා එක්ක එයාව තනිකරලා දාලා යනවා. ඒ යන්නේ හේතුවක් ඇතුව. රේමිගේ තාත්තා ෆ්රෑන්ක්. එයා වැඩ කලේ රහස් පොලිසියේ. රහස් මෙහෙයුමක කටයුත්තක් නිසා තමයි ඔහුට තමන්ගේ පවුල අතාරින්න උනේ. රහස් මෙහෙයුමකදී ඔහු මරණයට පත්වෙනවා. ඒ 1996 දිනයක. එතකොට රේමිට අයස අවුරුදු 8යි. 2016 වෙනකොට රේමිත් වැඩ කරනවා නිව්යෝක් පොලිසියේ පරීක්ෂකවරියක් විදියට. ඇයගේ පෙම්වතා තමයි ඩැනියල්. දවසක් ඩැනියල් ඇයගේ උපන්දිනය දවසේ රේමිගේ තාත්තාගේ පරණ හැම් රේඩියෝ එක හදලා දෙන්න උත්සාහ කරනවා. හැම් රේඩියෝ එක කියන්නේත් තවත් තැනක ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන් තවත් එක සන්නිවේදන මාර්ගයක්. ඉතින් ඩැනියල් මේ හැම් රේඩියෝ එක හදලා දෙන්න හැදුවාම රේමි ඒකට කැමති වෙන්නේ නෑ. මොකද රේමි එයාගේ තාත්තා එක්ක තරහින් ඉන්නේ එයාවයි අම්මාවයි තාත්තා දාලා ගියපු නිසා.
දවසක් රෑ මේ හැම් රේඩියෝ එකට අකුනක් ගහලා ඒක වැඩ කරන්න පටන් ගන්නවා. ඒකෙන් කෙනෙක් කතා කරනවා. රේමි එයා එක්ක කතා කරනවා. කතා කරගෙන යනකොට අන්තිමේ බැලින්නම් එයා කතා කරන්නේ එයාගේ තාත්තා ෆ්රෑන්ක් එක්ක. එතකොට මැරුණ තාත්තා එක්ක එයා කොහොමද කරන්නේ ? මේවා දැවෙන ප්රස්න මැරුණ කෙනා තමයි, ඒත් රේමි මේ හැම් රේඩියෝ එකෙන් කතා කරන්නේ අතීතයට. ඒ කියන්නේ 1996 අවුරුද්දේ දවසකට එයා සම්බන්ධ වෙලා තමයි එයාගේ තාත්තා එක්ක කතා කරන්නේ පුදුමයි ඉතින්. හරියටම රේමි අතීතයට කතා කරන්නේ එයාගේ තාත්තා මැරුණ දවසකට එක දවසක් කලින්. එයා තාත්තාට කියනවා ඔයා හෙට මැරෙනවා කියලා. ඉතින් ෆ්රෑන්ක් මේක විස්වාස කරයිද ? එයාට මරණෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද ? රේමිට අතීතය වෙනස් කරන්න පුලුවන් වෙයිද ? අපි කියමුකෝ අතීතය වෙනස් කරන්න පුලුවන් කියලා. එහෙම වෙනස් කලොත් අනික් දේවල් මොන විදියට වෙනස් වෙයිද ? කතා මාලාව බලලම තමයි ඔයාලට මේ ප්රශ්න වලට උත්තර හොයාගන්න වෙන්නෙ.