Legends of Tomorrow TV Series



2016 වසරේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාව IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.0 ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනව. Action, Adventure, Drama වර්ගයන් යටතට තමයි මේ කතා මාලාව අයත් වෙන්නෙ. ඔයාල කවුරුත් දන්න කියන ඇරෝ සහ ෆ්ලෑශ් කතා මාලාවන්ගෙ චරිත එකතු කරල තමයි මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් ඔයාලත් ඇරෝ, ෆ්ලෑෂ් රසිකයන් නම් මේ කතා මාලාවටත් අනිවාර්යෙන්ම කැමති වෙයි. කතා මාලාව ගැන දැනගන්න නම් ඔන්න පහල දාල තියෙනව බයිස්කෝප් අඩවියෙන් උපුටා ගත් ලිපිය.

කතාවෙ අළුත් චරිතයක් විදිහට අපිට මුණ ගැහෙන්නෙ Rip hunter විතරයි. Rip hunter කියන්නෙ කාල තරණය කරන කෙනෙක්. ඔහු කාලය හරහා යන්නෙ ඔහුගේම සොයා ගැනීමක් වන Time Sphere යානාවෙන්. ඉතින් මේ චරිතය මුලින්ම ලෝක කොමික් රසික හමුවට එන්නෙ 1959 දී නිකුත් වුන DC comics Showcase #20 කොමික් කලාපයෙන්. ඉතින් Rip hunter ගැන දැනට එච්චරක් ඇති. අනිත් සියළු චරිත මීට කලින් අපිට ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා දෙකේදි මුණ ගැහිලා තියන අපිට ගොඩක් හුරු පුරුදු චරිත. සාරා ලාන්ස් (White canary), මහාචාර්ය ස්ටේයින් (firestorm), ජේ ජැක්සන් (firestorm), කෙන්ඩ්‍රා සෝන්ඩර්ස් (Hawkgirl), කාටර් හෝල් (Hawkman), රේ පාමර් (The ATOM), ලෙනාර්ඩ් ස්නාර්ට් (Captain Cold), මික් රෝරි (Heat wave) තමයි මේ කතාවෙ Legends ලා වෙන්නෙ. තව ඊට අමතරව රිවර්ස් ෆ්ලෑෂ්ගෙ කෘතිම බුද්ධිය වුන ගිඩියන්නුත් මේ කතාවෙ ඉන්නවා. ඒ වගේම ඇරෝ, ෆ්ලෑෂ් කතා මාලා දෙකේම අනිත් චරිතත් ඉඳලා හිටලා මේ කතාවෙදි බලා ගන්න පුළුවන් වේවි. ඉතින් හැම කතාවකම දුෂ්ඨයෙක් ඉන්නවනෙ. මේ කතාවටත් දුෂ්ඨයෙක් ඉන්නවා. ඒ තමයි අපිට තවත් හුරු පුරුදු චරිතයක් වුන වෙන්ඩ්ල් සැවේජ්. 206 වතාවක් Hawkgirl, Hawkman දෙන්නව මරලා දාපු වෙන්ඩ්ල් සැවේජ්.

මේ කතාව පටන් ගන්නෙ අනාගතයෙන්. විසි දෙවන සියවසෙන්. එහෙම නොවෙන්න විදිහක් නෑ කියලා තේරෙනවනෙ නේද කතාවෙ නම දිහා බැලුවම. ඉතින් හරියටම කිවුවොත් 2166 අවුරුද්දෙදි ලන්ඩන් වලින් තමයි මේ කතාව ආරම්භ වෙන්නෙ. මේ වෙද්දි වෙන්ඩ්ල් සැවේජ් මේ ලෝකෙම යටත් කරගෙන විනාශ කරලා ඉවරයි. ඉතින් වෙන්ඩ්ල් සැවේජ්ගෙ මේ දුෂ්ඨ ක්‍රියාකාරකම් වලක්වන්න Rip Hunter ටයිම් මැෂින් එකකින් 2016 අවුරුද්දට එනවා. ඇවිත් මම කලින් නම් සඳහන් කරපු හැමෝගෙන්ම ඉල්ලනවා වෙන්ඩ්ල් සැවේජ්ගෙන් අනාගත ලෝකට බේරගනන්න ඔහුට උදවු කරන්න කියලා. ඉතින් මේ කට්ටිය ඔහුට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? ඔවුන්ට වැන්ඩල් සැවේජ් පරාජය කිරීමට හැකි වෙයිද? මේ දේ කරන්න ඔවුන්ට කුමන අභියෝග වලට මුහුණ දීමට සිදු වෙයිද? මේ සියල්ලට පිලිතුරු දැනගන්න නම් ඔයාලත් මේ කතා මාලාව බලන්නම ඕනෙ.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work