Into the Badlands TV Series



2015 වසරේ AMC නාලිකාවේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාව 8.1 ක ඉහල IMDB අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනව. Action, Adventure, Drama කියන වර්ගයන් යටතට තමයි කතා මාලාව වර්ග කරන්න පුලුවන්. කතා මාලාව ගැන බයිස්කෝප් අඩවියේ පල කරන ලද ලිපිය ඔන්න අපි පහල දාල තියෙනව.

කතාව ගැන කියනවනම් මේක ගොඩ නැගිලා තියෙන්නෙ බැරන්වරුන් අතර ඇතිවන බල අරගලයක් වටායි. තේරෙන සිංහලෙන් කිව්වොත් සිටුවරුන් අතර ඇතිවන බල අරගලයක් වටා. සනී කියන්නෙ ක්විනින් කියන සිටුතුමා ලඟ වැඩ කරන ප්‍රධාන ක්ලිපර්වරයා. ඒ කියන්නෙ සිටුතුමාගේ ප්‍රධාන ආරක්ෂක වගේ තනතුරක්. මෙයා සිටුතුමාව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. සනී කියන්නෙ සටන් කරන්නම ඉපදුනු කෙනෙක් අපි එහෙම කියන්න හේතුව පලවෙනි කොටසෙ ඉඳලම ඔයාලට බලාගන්න පුලුවන්. අනිත් දේ තමයි මෙහෙ ජීවත් වෙන මිනිස්සු සිටුතුමාගේ වගාවන්වල නොමිලේ සේවය කරන්න ඕන ඒ වෙනුවෙන් සිටුවරයා එයාලට ආරක්ෂාව සලසනවා. ආරක්ෂාව කිව්වට අර අපි කවුරුත් දන්න වැඩවසම් සමාජ ක්‍රමයක් තමයි මෙහෙ ක්‍රියාත්මක වෙන්නෙ. මිනිස්සු වහල්ලු වගේ සිටුතුමාට සේවය කරන්න ඕන. ඊට අමතරව වහල්ලුන්ගෙ තරුණ දරුවන් අතරින් ශක්තිමත් අයට ක්ලිපර්වරයෙක් විදියට පුහුණුව ලබන්න අවස්ථාව ලැබෙනවා. ඒත් කිසි කෙනෙකුට රුදුරු බිමෙන් එහා ගිය ජීවිතයක් ගැන හිතන්නවත් අයිතියක් නැහැ. එහෙම බල කොටුවෙන් පිට වෙන්න උත්සාහ කලොත් ඒකට ලැබෙන දඩුවම තමයි මරණය. 

මේ අතරෙ එම්.කේ කියලා විශේෂ හැකියාවක් තියෙන කොලු ගැටයෙක් කතාවට සම්බන්ධ වෙනවා.විශේෂ හැකියාව මොකද්ද කියලා අපි කියන්න යන්නෙ නැහැ ඔයාලම බලන්නකො. අනිත් දේ තමයි මේක සටන් ජවනිකා පිරුණු කතා මාලාවක්. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් බව සහතික කරල කියන්න පුලුවන්. ඉතින් එම්. කේ ට සිටුතුමාගේ බලයට අභියෝග කරන්න පුලුවන් වෙයිද? සනීට ක්ලිපර් වරයෙක් විදියට හැමදාමත් සිටීද? 



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work