Teen Wolf TV Series


හැමදාමත් වගේ ඔන්න ඉතින් අදත් අපි ආව ඔයාලව බලන්න සුපිරි කතා මාලාවකුත් අරගෙන. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2011 වසරේදීයී. ඇමෙරිකාවෙ MTV නාලිකාවෙ විකාශනය වුනු මේ කතා මාලාව Action, Comedy, Drama කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. ඒ වගේම මේ කතා මාලාව IMDB දර්ශකයේ 7.7 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනව.
එහෙනම් ඉතින් කතා මාලාව ගැන දන්නෙ නැති යාලුවන්ට දැනගන්නත් එක්ක පුංචි විස්තරයක් කරන්නම්කො. අපේ කතා මාලාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ස්කොට් මැක්කෝල් කියන තරුනයයි. ඔහු උසස් පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. එතරම් කැපී පෙනෙන චරිතයක් නොවන ස්කොට් ගත කරන්නෙ සාමාන්‍ය ජීවිතයක්. නමුත් ඒ වැඩි කාලයකට නෙවෙයි. ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන සිදු වීමකට ඔහුට මුහුන දෙන්න සිදු වෙනව.
දිනක් ස්කොට් තමන්ගේ හොදම යාළුව වෙන ස්ටිල්ස් එක්ක කැලෑවකට යනව මැරුනු මිනිස්සු දෙන්නෙක් කැලෑවෙන් හමු වෙලා කියන ආරංචිය ගැන බලන්න. මේ ගමනේදී ස්කොට්ට නොසිතූ දෙයකට මුහුන දෙන්න වෙනව. ස්කොට් නරවෘකයෙක්ගේ පහරදීමට ලක්වෙනව. මේ සිදු වීමෙන් අනතුරුව ස්කොට්වත් විටින් විට නරවෘකයෙක් බවට හැරෙනව. ඒ වගේම ඔහුට ඒකෙන් ලොකු ශක්තියකුත් ලැබෙනව. නමුත් ස්කොට් මේ සිදුවෙන දේට කැමති වෙන්නෙ නෑ. ඔහුට වුවමනා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි. මේ අතර ස්කොට්ගෙ ජීවිතයට ගැහැණු ලමයෙකුත් එනව. ඉතින් ස්කොට්ට වුවමනා තමන්ගේ අලුත් බලයෙන් කාටවත් හානියක් නොවී, ඒ රහස කිසිකෙනෙක් දැන නොගෙන සිටීමයි. නමුත් මේ දේ හරියයිද? මේ රහස හැමදාටමත් හංගගෙන ඉන්න ඔහුට පුලුවන් වෙයිද?