Auschwitz The Nazis and the Final Solution TV Series



ඔන්න තවත් සුපිරි කතා මාලාවක් අරගෙන ආව අපේ යාලුවන්ට. මේක කතා මාලාවක් කිවුවට සත්‍ය කතාවක් මුල් කරගෙන නිර්මාණය වූවක්. කතාවෙන් කියවෙන්නෙ අවුෂ්විට්ස් සිර කඳවුර ගැනයි. මේ ගැන ගොඩක් දෙනෙක් අහලත් ඇති. නාසීන් විසින් යුදෙවුවන් ඝාතනය කිරීමට යොදා ගත් කදවුරක් තමයි මේක. මේකෙදි ඝාතනය වුනු යුදෙව්වන් ගණන මිලියනයක් පමණ වන බවයි පැවසෙන්නෙ. එය ලොකු කුඩා තරුණ මහළු භේදයකින් තොරව සිදු වුනු බවයි පැවසෙන්නෙ. කතා මාලාව ගැන තවත් දැනගන්න ඔන්න අපි පහල දාල තියෙනව බයිස්කෝප් අඩවියේ මේ වෙනුවෙන් පල වුනු ලිපියෙ උපුටා ගැනීමක්.

මේ කදවුර තුල සිදු වූ සංකීර්ණ ක්‍රියාවලිය සරලව විස්තර කරනවානම් මුලින්ම දුම්රියෙ පටෝගෙන ගෙනාපු මිනිස්සුන්ව දුම්රිය ස්ථානයේදීම වැඩ කළ නොහැකි විදියට වෙන් කරවනවා. මුල් කාලයේ මෙසේ ශ්‍රමය සූරාකන්න බැරි මහල්ලන්, කාන්තාවන්, ළමුන් කෙළින්ම වෙඩි තියලා මරලා දැමූ නමුත් එයින් ජර්මානු ඝාතකයින්ට සිදුවෙන මානසික අගතිය සලකලා බලලා ඔවුන් බොහොම උපායශීලී විසඳුමක් හොයාගනු ලබනවා. ඒ තමා ගෑස් කුටි. විෂබීජ නසන නෑමක් ලබාගැනීම සඳහා යැයි පවසා ඔවුන්ව නිරුවත් කොට තම දේපල හා ඇඳුම් පැළඳුම් පවා ආරක්ෂිතව තැබීමටයි පවසා එයිනුත් ආර්ථික වාසි ලැබීමට කොල්ලකනු ලබා ඔවුන්ව ගෑස් කුටියට යවනු ලබනවා. ඉන් පසු කෙළින්ම ආදාහනාගාර වල උදුන් වලට යවා සාක්ෂි නොමැති වීම පිණිස පුළුස්සා දමනු ලබනවා. සමහර වෙලාවට දිනගණන් එක දිගට පත්තු වෙච්ච ආදාහනාගාරවලින් පිරිමහන්න බැරිවී විශාල වළවල් වල මිනී සෑයවල් සාදනු ලබනවා. මේ සියල්ලට මූලිකත්වය දුන් එහි පාලක රුඩොල්ෆ් හොස් තම අවසානය තෙක්ම කිසි විටෙක මෙම ක්‍රියාවලියට කිසිම පසුතැවිල්ලක් දක්වන්නේද නැහැ.

ඉතින් කතාව බලාගෙන යනකොට ඔයාලට තේරේවි මොන තරම් දැරුණු දේවල් මේ කදවුර තුල සිදු වෙලා තියෙනවද කියන එක. IMDB දර්ශකයේ 8.7 ක වාර්තාගත අගයක් ලබා ගෙන තියෙන මේ කතා මාලාවට ඔයාලත් ගොඩක් කැමති වෙන බව නම් නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work