Banshee TV Series


Banshee කියන්නේ ඇමරිකාවේ එක්තරා ගමක්. මේ ගම පිහිටා තියෙන්නේ නගරයෙන් හුඟක් ඈත්වයි. ඔය ගමට දැනට ඇමරිකාවේ සුප්‍රසිද්දම සොරා අවුරුදු පහලවක් හිරේ ඉඳලා නිදහස් වෙලා පැමිණෙනවා. ඒ ඔහුගේ පරණ පෙම්වතිය සොයාගෙන. ඒ ඔවුන් දෙදෙනා අවසන් වරට කරන ලස සොරකමෙන් සොරකන් කරන ලද දියමන්ති වල ඔහුගේ පංගුව ලබාගැනීමටයි. නමුත් ඇය තමාගේ ඇත්ත අනන්‍යතාවය වෙනස් කරමින් ව්‍යාජ නමකින් තමයි මේ ගමේ ජිවත් වෙන්නේ. ඒ වගේම මොවුන් දෙදෙනාව ඝාතනය කර දියමන්ති ලබාගැනීමට තවත් කොටසක් මොවුන්ව සොයනවා. නමුත් ඔහුට ඇයව මුණගැසෙන්න පෙර යම් සිද්දියකට මුහුණපාන්න සිදුවෙනවා. මේ හේතුව නිසා මේ රටේ සුප්‍රකට සොරාට වෙනත් කෙනෙකුගේ අනන්‍යතාවක් ලැබෙනවා. ඒ වෙන කිසිවකු නෙමෙයි එම නගරයට පැමිණෙන අලුත් ෂෙරිෆ් පොලිස් නිලධාරියා වීමටයි. මේ සිදුවීම වෙන්නේ ටිකක් අමුතුම ආකාරයට. ඔය අතර මෙම නගරයේ සෑම අපරාධ ක්‍රියාවක්ම මෙහෙයවන බලවත් පුද්ගලයෙක් සිටිනවා. ඔහු මේ අලුත් ෂෙරිෆ් සමඟ ටිකක් වෙනස් ආකාරයේ ගැටුමක් ආරම්භ කරනවා.
ඔන්න ඕක තමයි කතා සාරාංශය වෙන්නේ. මේ කතාව තුල ඇක්ෂන්, සටන්, අඩුවක් නැතුව බලන්න පුළුවන්, ඇක්ෂන් චිත්‍රපටි වලට එහෙම ප්‍රියකරන ප්‍රේක්ෂකයින්ට මේ රුපවාහිනී කතා මාලාවට අනිවාර්යෙන් අසා කරයි. හැබැයි මෙය අතිශයින් වැඩිහිටියන්ට පමණක් වූ කතා මාලාවක්. විශේෂයෙන්ම යම් දර්ශන සහ භාෂාව නිසා තමයි එහෙම කියන්නේ. ඉතින් ඔයාලත් බලල තීරනය කරන්නකො කතාව කොහොමද කියල.