Constantine TV Series


දැන් අපේ යාලුවො දන්නවනෙ මෙයා කොමික් චරිතයක් බව. හැබැයි, මෙයා සුපර් හීරෝ චරිතයක් නෙමේ. මේක ප්‍රතිවීර (Antihero – ඇන්ටිහීරෝ) චරිතයක්. (ඒ කියන්නේ සාමාන්‍ය වීරයන්ගේ දකින්න ලැබෙන උත්තම ගති ගුණ, පරමාදර්ශී බව, සදාචාරය වගේ දේවල් නැති චරිතයක්. හැබැයි දුෂ්ඨ චරිතයක්ම නෙමේ).
ඉතින්, කොමික් කතාවල දක්වලා තියෙන ආකාරයට මේ පුද්ගලයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. සුදු කමිසයක්, කළු ටයි පටියක් සහ දුඹුරු පැහැයට හුරු ට්‍රේන්ච් කොට් එකක් තමයි මෙයාගේ ඇදුම. මෙයා ලග අධිස්වාභාවික, ගුප්ත දෑ ගැන තියෙන දැනුම බොහොම ඉහලයි. ඔහු දක්ෂ මායා කාරයෙක්, මන්ත්‍ර ගුරුකම් පිළිබද කෙළ පැමිණියෙක්, ගුප්ත දෑ පිළිබද රහස්පරීක්ෂකයෙක් වගේම කපටි රැවටිලි කාරයෙක් (Con-Man කෙනෙක්) ඒ විතරක් නෙමෙයි ඇස් බැන්දුම් කාරයෙකුත් වෙනවා (මැජික් ශිපියෙක්), කට කැඩිච්ච කතා කියන, අනුකම්පා විරහිත, කාවවත් නුරුස්සන පුදගලයෙක්. හැබැයි බොහෝ වෙලාවට ගැටළු වලට මුහුණ දෙද්දි ඔහු වැඩිපුර භාවිතා කරන්නේ තමගේ ගුප්ත දැනුම නොවෙයි කපටි කයිරාටිකකමුයි වෙනත් දක්ෂකමුයි තමයි. ඒ වගේම කෙළවරක් නැති දුම් බීම ගැනත් ඔහු කුප්‍රකටයි. කොහොම වෙතත් ස්වර්ගයත් නිරයත් සමග නිතර ගැටෙන ඔහු මේ දෙකටම එරෙහිව මනුෂ්‍ය වර්ගයා ආරක්ෂා කරන මානව වාදියෙක්.
ඉතින් දැන් අපේ යාලුවො දන්නවනෙ අපේ කතා මාලාවෙ ඉන්න මොන වගේ පුද්ගලයෙක්ද කියන එක. ඉතින් අපි හිතනව ඔයාලත් මේ කතා මාලාවට ගොඩක් කැමති වෙයි කියල.