Dream High TV Series



ඔන්න අදත් ආව අපේ යාලුවන්ට තවත් ලස්සන කොරියන් කතාවක් අරගෙන. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2011 වසරේදීයි. IMDB දර්ශකයේ 7.8 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Comedy, Music, Romance කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. එහෙනම් ඉතින් ඔන්න කතා මාලාව ගැන හොදටම දැනගන්න ZOOM එකේ දාල තිබුන සිංහල විස්තරය ඔයාලට අරගෙන ආව.

මේක වැඩියෙන්ම හොඳ සංගීතයට ලැදි අයට. ඒ වගේම පසල් කාලෙ ආදර කතා වලට සම්බන්ධ වුනු අයට. එහෙම නැති වුනත් කමක් නෑ. දැන් කතාව ගැන පොඩි සාරාංශයක් අහගන්න. මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ එකිනෙකට වෙනස් ජීවිත ගත කරන උසස් පාසල් ළමයින් හය දෙනෙක්ව. මෙයාලගෙ ජීවිත කතාවන් ගොඩක්ම වෙනස් වුනාට හැමෝටම එකම සමාන කමක් තියෙනවා. ඒ තමයි සංගීතයට තියෙන ආසාව. මේ හය දෙනාම උසස් පාසල් සිසුවො. කතාව පටන්ගන්නෙ මේ හය දෙනාම කිරින් කියන කලා පාසලේ ඇත්ලත් වීමේ පරීක්ෂණයට මුහුණ දෙන්න යනකොට. එතනින් පස්සෙ මෙයාලා තමන්ගෙ අනාගතය ගොඩක් කරදර මැද්දෙ හදාගෙන සාර්ථක වෙලා ප්‍රසිද්ධ ගායක ගායිකාවො වෙන හැටි තමයි කතාව තුල යන්නෙ. මේ කතාව ඇතුලෙ ප්‍රධානම ආදර කතාවක් යනවා වගේම ඊට අමතරව තව ආදර කතා දෙකක් යනවා. මේ ඔක්කොම ගොඩක් විහිළු තියෙන ඒවා. ඒ වගේම මම කලිනුත් කිව්වනෙ මේක සින්දු අහන්න ආස අයට හොඳ කතාවක් කියලා. ඒ කියන්නෙ මේ කතාවෙ ඉන්න එක ප්‍රධාන පිරිමි චරිතයක් හැරුනාම අනිත් චරිත පහම ඇත්ත ජීවිතේ ගායක ගායිකාවො. එයාලගෙ දක්ෂතා ගැන ඔයාලට කතාව තුල ‍හොඳට බලාගන්න පුළුවන්. අනිත් චරිතයත් එයාලට දෙවෙනි නෑ.

ඔන්න ඉතින් සූම් එකට පිංසිද්ද වෙන්න ඔයාලට හොද විස්තරයක් ලැබුනනෙ කතාව ගැන. එහෙනම් ඉතින් කතාව අරගෙනම බලන්නකො කොහොමද කියල. ඔයාලත් මේ කතාවට ගොඩක් කැමති වෙයි කියල අපි හිතනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work