12 Monkeys TV Series


Scientific කතා මාලාවන් බලන්න කැමති අපේ යාලුවන්ට ඔන්න අද ගෙනාව තවත් සුපිරි කතා මාලාවක්. 2015 වසරේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාව IMDB දර්ශකයේ 7.6 ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනව. මෙම කතා මාලාව Adventure, Drama, Mystery යන වර්ගයන් යටතට ගැනිය හැකියි.
මේ කතාවෙන් මූලිකවම කියැවෙන්නේ අනාගතයේ (2043) ජීවත්වන පුද්ගලයෙක් වර්තමානයට (2015) පැමින වර්තමානයේ සිටින මහාචාර්‍ය වරියක් සමග එක්ව 2017 දී පැතිරීමට නියමිත ලෝකයේ ජනයාගෙන් බිලියන 7ක් මරණයට ලක්වන මහා වසංගතයක් ආරම්භ වීම වලැක්වීමට හා අනාගතය වෙනස් කිරීමට ගන්නා උත්සාහයයි.
එහෙනම් ඉතින් අපේ යාලුවො කතා මාලාව බලලම තීරණය කරන්නකො කොහොමද කියල. අපි නම් හිතන්නෙ ඔයාල මේ කතා මාලාවට ගොඩක් කැමති වෙයි කියල.