Band of Brothers TV Series



අදත් අපි ආව අපේ යාලුවන්ට සුපිරි කතා මාලාවකුත් අරගෙන. මේ කතා මාලාව විකාශනය වුනේ 2001 වසරේදීයි. මෙම කතා මාලාවෙ තේමාව වෙන්නේ ඇමරිකානු යුධ බටයින් නෝමැන්ඩි වෙරළට ගොඩ බහින්නට පැය කීපයකට කලින් ඊට උදව්වක් වශයෙන් කලින්දා රාත්‍රියේ නෝමැන්ඩි භූමියට පැරෂුට් භටයන් විදියට බැස්ස ඇමරිකානු 506 වැනි පාබල හමුදා රෙජිමේන්තුවට, 101 වැනි වාසර කොට්ඨාසයට අයත් E කණ්ඩායමේ දෙවන ලෝක යුද ක්‍රියාන්විතයයි. මේ කතා මාලාව අදටත් විවිධ රටවල විකාශය වන්නක්. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් ඇතුළු සම්මාන 22කට හිමිකම් කියන්නක්. ඒකෙන්ම තේරෙනවනේ මේක කොච්චර සුපිරිම නිර්මාණයක්ද කියලා.

දෙවෙනි ලෝක යුද්ධයේ නැගෙනහිර යුද පෙරමුණට හා සමස්ත යුද්ධයටම හැරවුම් ලකුණක් වෙච්ච ස්ටාලින්ග්‍රාඩ් සටන මෙන්ම බටහිර යුද පෙරමුණට නෝමැන්ඩි ආක්‍රමණයත් අයත් වූ Operation Overlord මෙහෙයුම ඉතාම වැදගත් එකක් වුණා. විශේෂයෙන්ම අවුරුදු ගාණක් සටන් කරලා හෙම්බත් වෙලා හිටපු බ්‍රිතාන්‍යයේ මුවදොරටම ආ පසු, එනම් ජර්මානු හමුදාව ප්‍රංශය ආක්‍රමණය කළාට පසුව ජර්මනියට තව ඉතුරුවෙලා තිබුණේ මුහුද තරණය කොට බ්‍රිතාන්‍ය අල්ලා ගැනීම පමණයි. ඇමෙරිකාවේ දායකත්වයෙන් ශක්තිමත් වීම හා ස්ටාලින්ග්‍රාඩ් පරාජය මතින් ජර්මනිය ආක්‍රමණය කිරීම සදහා මෙම මෙහෙයුම ආරම්භයක් වුණ අතර මේ මෙහෙයුම සඳහා ආසන්න වශයෙන් 130,000 – 156,000 අතර සෙබළුන් සහභාගී වූ බව සදහන්. ඉන් බාගයක්ම ඇමරිකානු හා ඉතිරිය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් සහභාගී වූවන්. එලෙසම සිදූවූ ජීවිත හානියද අති මහත්. 

ඉතින් යුධමය කතා වලට ඇළුම් කරන අපේ යාලුවො නම් මේ කතා මාලාව අනිවාර්යෙන්ම බලන්න ඕනෙ. මොකද මේ කතා මාලාව ඒ තරමටම හිත් ඇදගන්න කතා මාලාවක් කියල අපිට සහතික වෙන්න පුලුවන්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work