Game of Thrones TV Series



ඔන්න අදත් අපි ආව ඔයාලට තවත් සුපිරි කතා මාලාවක් අරගෙන. මේ ඔයාලට දෙන්න යන්නෙ ලෝකයේ වැඩිම වියදමක් දරමින් නිර්මාණය කරපු කතා මාලාවන්ගෙන් එකක්. මේක IMDB Rating වල 9.5 වගේ අගයක් අරන් තියෙන ලෝකයේ ඉතාමත් ජනප්‍රිය වුනු කථා මාලාවක්. 2011 අවුරුද්දෙ විකාශනය අරම්භ කල මේ කථා මාලාව Adventure, Drama, Fantasy කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. අපේ යාලුවො ගොඩ දෙනෙක් මේ කතා මාලාව බලලත් ඇති. මොකද මේ කතා මාලාව ඒ තරමටම ජනප්‍රියයි.

ඉතිං මේ කථා මාලාව ගැන පොඩි හැදින්වීමක් කරනවනම්. මේ කථාව ගෙතෙන්නෙ Westeros කියන මහද්වීපයේ තියෙන Winterfell රාජධානිය මුල් කරගෙනයි. මේ මහද්වීපයේ රාජධානි හතක් අතරින් ඉතාමත් බලවත් රාජධානියක් තමයි Winterfell කියන්නෙ. මේ කාලයේ Westeros මහද්වීපයේ පාලකය ලෙස කටයුතු කරන්නෙ Robert Baratheon කියල රජ කෙනෙක්. මේ අතර රජුගේ උපදේශකය ලෙස කටයුතු කරන Jon Arryn කියන පුද්ගල අභිරස් ලෙස මිය යනව. මේ කාලයේ Winterfell රාජධානියෙ ප්‍රාදේශීය පාලක ලෙස කටයුතු කරන්නෙ Eddard Stark කියන පුද්ගලය. මොහු Robert රජුගේ අතීතයේ පටන් හොද මිතුරෙක් නිසා රජු තමන්ගේ උපදේශක ලෙස කටයුතු කරන ලෙස ඔහුට ආරාධනා කරනව. ඒ ආරධනාව අනුව Eddard Stark රජුගේ උපදේශක ලෙස පත් වෙනව.

Westeros මහද්වීපයේ ප්‍රධාන හතුරන් වන්නේ Targaryen කියන, Essos මහද්වීපයේ ජීවත් වන කණ්ඩායමක්. මේ අයගේ නායකය වන්නේ Viserys කියන තරුණය. මොහුට ඉතාමත් රූමත් සහෝදරියක් සිටිනව Daenerys කියල. Viserys සැලසුම් කරන්නෙ Dothraki කියන ගෝත්‍රික කණ්ඩායමේ නායකයට (Khal Drogo) තම රූමත් නැගනියව විවාහ කර දීල Khal Drogo ගෙ සේනාවත් එක්ක ගිහින් Westeros මහද්වීපය ආක්‍රමණය කිරීමටයි.

ඔන්න ඕකයි කථාවෙ සාරාංශය. මේ තියෙන්නෙ කතාවෙ පුංචිම පුංචි හැදින්වීමක් විතරයි. මේ කතාව ගොඩක් පැති වලට බෙදිල යනව. ඒ නිසා ලිපියකින් කියන්න හුගක්ම අමාරුයි මේ කතාව ගැන. ඉතින් අපි ඔයාලටත් ආරාධනා කරනව මේ ලස්සන කතා මාලාව බලන්න කියල. ඔයාලත් අනිවාර්යෙන්ම මේ කතා මාලාවට කැමති වෙන බව නම් නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work