24 Legacy TV Series



ඔයාල කවුරුත් දන්න කියන කතා මාලාවක තවත් එක කොටසක් අරගෙන එන්න තමයි මේ හදන්නෙ. 24 කියන්නෙ අපේ යාලුවො කොයි කවුරුත් බලපු කතා මාලාවක්නෙ මෙ කතා මාලාව 2010 වර්ශයේදී විකාශනය අවසන් වුනත් කතා මාලාවට තියෙන ඉල්ලුම නිසාම නිෂ්පාදකයන් විසින් කතා මාලාව ඉදිරියටත් කරගෙන යන්න තීරනය කලා. ඒ අනුව කතා මාලාවට තවත් කොටසක් එකතු වුනා අතුරු කතා මාලාවක් විදිහට 2014 වර්ෂයේදී. 24 Live Another Day කියන්නෙ ඒ කතා මාලාව. අපි මේ හැම කතා මාලාවක්ම ඔයාලට අරගෙන ආව. එතකොට අද ඔයාලට දෙන්න යන්නෙත් ඒ වගේම එකක් තමයි.

මේකත් 24 කතා මාලාවෙ අතුරු කතා මාලාවක් විදිහට තමයි ගලාගෙන යන්නෙ. ඒත් මේ කතා මාලාවට Kiefer Sutherland වෙනුවට රංගනයෙන් දායක වෙන්නෙ Corey Hawkins. ඒ වුනත් කතාවෙ රසය නම් අඩු වෙන්නෙ නැති බව කියන්න ඕනෙ. 2016 වශයේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාව IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 6.3 ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනව. එහෙනම් අපි කතා මාලාව ගැන පොඩ්ඩක් දැනගමු.

Corey Hawkins රංගනයෙන් Eric Carter ලෙස ප්‍රධාන චරිතයට පන පොවන අතර Raphael Acloque සතුරු ප්‍රධානියා Jadalla (JAD) Bin-Khalid ගේ චරිතයට පන පොවනව. එරික් කාටර් ඇතුලු පිරිස බින් කාලිඩ් සංවිධානයේ 8 දෙනෙක්ව මරලා දාලා ඇමරිකාවේ සිද්ද වෙන ගිය ත්‍රස්ත ප්‍රහාරයක් නවත්වන්න වැඩ කටයුතු කරලා තියන අතරේ කවුරුම හෝ කෙනෙක් ඔවුන්ගේ තොරතුරු පිටට දීලා. ඉතින් ත්‍රස්ත සංවිධානයේ අය ඔවුන් පස්සේ එනවා තමන්ගෙ කට්ටිය මරලා CTU කට්ටිය හොරකම් කරගෙන ආපු පෙට්ටියක් හොයාගෙන. මේක විශාල තොරතුරු වගයක් තියෙන පෙට්ටියක්. ඉතින් ත්‍රස්තවාදීන්ගේ අරමුන කොහොමහරි මේක හොයාගන්නයි. 

ඔන්න ඔය විදිහට තමයි කතා මාලාව පටන් ගන්නෙ. ඉතින් ත්‍රස්තවාදීන් හොයාගෙන එන දේ ඔවුන්ට ගන්න ලැබෙයිද? ඒක දැනගන්න ඔයාලටත් මේ කතා මාලාව බලන්නම වෙනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work