The Defenders TV Series


ඔයාල හැම කෙනෙක්ම පුන පුනා බලා ඉදපු කතාමාලාවත් අරගෙන තමයි අද අපි ඔයාලව හම්බවෙන්න ආවේ. 2017 වසරේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාව IMDB දර්ශකයේ 8.1 ක ඉහල අගයක් ලබා ගැනීමට සමත් වුනු කතා මාලාවක්. මෙම කතා මාලාව Action, Adventure, Crime වර්ගයන් යටතට වෙන් කල හැකියි. එහෙනම් අපි කතා මාලාව ගැන පොඩි විස්තරයක් කරන්නම්කො ඔයාලට.
ඔයාලට මතක ඇති අපි මීට කලින් ඔයාලට අරගෙන ආවා Marvels විශ්වයේ සුපිරි වීරයන් හතර දෙනෙක්ගෙ කතා මාලාවන් Daredevil, Jessica Jones, Luke Cage සහ Iron Fist තමයි ඒ කතා මාලාවන් වල නම් වෙන්නේ. ඉතින් ඔයාලා මේ වෙනකොට හොදින්ම දන්නව ඒ කතා මාලාවන් හතරේම ප්‍රධාන චරිත එකතු කරල තමයි The Defenders කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ කියල. ඔයාලා දන්න විදිහට අපේ සුපිරි වීරයන් හතර දෙනාම වෙහෙසෙන්නේ New York City එක වඩා හොඳ ස්ථානයක් බවට පත් කිරීමටයි. නමුත් කල් ගත වෙද්දී ඔවුන්ට තේරුම් යනව තමන්ට මේ දේ තනිව කරගෙන යාමට අපහසු බව ඉතින් ඔවුන් තීරණය කරනව කණ්ඩායමක් විදිහට එකතු වෙලා තමන්ගේ නගරය වඩා හොඳ තැනක් බවට පත් කිරීම වඩා ඵලදායී බව. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි The Defenders කතා මාලාව අපි අතරට එන්නේ.
ඔයාල මේ කතා මාලාව නැරඹීමට නම් සූදානම් වෙන්නෙ මේ වෙනකොටත් ඔයාල අපි ඉහත සදහන් කල කතා මාලාවන් හතර බලල ඇති කියල අපි විශ්වාස කරනව. එහෙම නැත්නම් මේ කතා මාලාව නැරඹීමට පෙර ඒවා බලන එක හොදයි කියල අපි නිර්දේශ කරනව. මොකද එතකොට ඔයාලට මේ හතරදෙනාගෙ ජීවිත කතාව ලස්සනට තේරුම් අරගෙන මේ කතා මාලාවට ප්‍රවිශ්ඨ වෙන්න පුලුවන්.