Iron Fist TV Series


හැමදාමත් වගේ ඔන්න අදත් අපි ආව තවත් සුපිරි කතා මාලාවක් අරගෙන. මේ කතා මාලාව ඔයාලට අරගෙන එන්නෙ ඔයාල කොයි කවුරුත් දන්න මාර්වෙල්ස්ල විසිනුයි. ඔයාල සමහරවිට පහුගිය කාලෙ මාර්වෙල්ස්ල අරගෙන ආපු අනෙක් කතා මාලාවන් බලන්නත් ඇතිනෙ. මේකත් ඒ වගේම සුපිරි කතා මාලාවක් තමයි. මේ කතා මාලාවෙ අපේ ප්‍රධාන චරිතය වෙන්නෙ Iron Fist. ඔයා ගේම් ඔෆ් ත්‍රොන්ස් කතා මාලාව බලල තියෙන කෙනෙක් නම් ඔයාල හොදටම දන්නව Iron Fist චරිතයට පන පොවන්නෙ කවුද කියල. එහෙනම් Iron Fist ගැන ඔයාලට හොදටම දැනගන්න පුලුවන් වෙන්න එයා ගැන බයිස්කෝප් අඩවියේ පලවුන ලිපිය ඔයාලට අරගෙන එන්නම්.
මුලින්ම කියන්න ඕන කොමික් වලට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට තමයි කතාව යන්නේ, සමහර තැන් වෙනස් විදියට කතාවේ තියෙන්නේ උදාහරණයකට රැන්ඩල්ගේ මව්පියන් මියයන විදිය එහෙම. අයන්ෆිස්ට්ගේ හැකියාවන් ගැන කියනවනම්.
⧪ විශිෂ්ඨ දේහ ශක්තිය ඇති අයෙක්.
⧪ ද්වන්ධ සටනෙහි නිපුණයෙකි.
⧪ වෙනත් අයගේ මනස හා සම්බන්ධ වීමට හැකියාව පවතී.
⧪ කුන් ලු මාෂල් ආට්ස් සහ තවත් බොහොමයක් සටන් ක්‍රමයන් සහ ඒවායේ භාවිතා කරන ආයුධ හැසිරවීමේ ප්‍රවිනයෙකි.
⧪ ආධ්‍යාත්මිය ශක්තිය නොහොත් “චි” භාවිතයෙන් තමන්ගේ භෞතික සහ මානසික හැකියාවන් සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉහල තැනකට අරගනිමේ හැකියාව පවතී.
⧪ තමන්ගේ ස්නායු පද්ධතිය හසුරුවාගැනීම මගින් තමන්ගේ වේදනාව යටපත් කරදැමීමට සහ තමා විසින්ම සුව කරගැනීමටත් අනෙක් අයව එසේ සුව කිරීමටත් යම් හැකියාවක් ඇත. නමුත් මෙය සිදුකල පසු නැවත සිදුකිර්මට යම් කාලයක් ගතවේ. (Recover time)
⧪ ඔහුට තම චි මගින් මාන අතර (Dimensions) සම්බන්ධිත ස්ථාන (Nexus Points) සෑදීමට හැකියාවක් ඇත.
ඒ වගේම ඩැනියල් කියනේ මාවල් විශ්වයේම ඉන්න මාෂල් ආර්ට් ශුරයින් අතර දෙවන ස්ථානයේ රැඳෙන චරිතය. ඉතිං දැන් කතාව පටන් ගන්නේ වසර ගණනාවක් තිස්සේ මියගියා කියල හිතාගෙන හිටිය රැන්ඩල් හදිසියේම තමන්ගේ දේවල් හොයාගෙන පැමිණීමත් එක්ක. එහෙනම් එතනින් එහාට කතාව බලන එක ඔයාලට බාරයි.