One Tree Hill TV Series
මේ කතා මාලාව විකාශනය වෙලා තියෙන්නෙ 2003 වසරේ ඉදන් 2012 දක්වා කාලයේදීයි. IMDB දර්ශකයේ 7.7 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ කතා මාලාව Drama, Romance, Sport කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. එහෙනම් අපි කතා මාලාව ගැන පොඩ්ඩක් දැනගමුකො.
ඇත්තම කියනව නම් අපේ යාලුවන්ට කතා මාලාව ගැන ලොකු විස්තරයක් කරන්න ඕනෙ වෙන එකක් නෑ. මොකද අපේ යාලුවො හුගක් අය සිංහල කතාව ගැන හොදටම දන්න නිසා. උතුරු කැරොලිනාවෙ, ත්රී හිල් (Tree Hill) කියන නගරය වටා තමයි අපේ කතා මාලාව දිව යන්නෙ. මේ කතා මාලාව ගෙතෙන්නෙ මේ නගරයේ ජීවත් වෙන තරුණයන් දෙදෙනෙක් වටායි. අඩ සහෝදරයන් (එක් පියෙක් සහ මවුවරුන් දෙදෙනෙක්) වෙන මේ දෙදෙනාම දක්ෂ බාස්කට් බෝල් ක්රීඩකයන්. ඒ වගේම මේ දෙදෙනා අතර තියෙන්නෙ ලොකු තරගයක්. දෙදෙනාටම ඕනෙ අනෙකා පරයමින් ඉදිරියට යන්නයි. ඒ වගේම මේ කතා මාලාවෙ ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනව.
ඉතින් ඔයාලත් "දෙවෙනි ඉණිම" ටෙලි කතාවට ආදරේ කරන රසිකයෙක් නම් මේ කතා මාලාවත් අනිවාර්යෙන්ම බලන්න ඕනෙ. ඊට නොදෙවෙනි මේ කතා මාලාවටත් ඔයාල හුගක් කැමති වෙන බව නම් අපිට විශ්වාසයි.