NCIS: Los Angeles TV Series
ඔන්න ඉතිං අපේ යාලුවන්ට තවත් සුපිරි කතා මාලාවක් අරගෙන ආව. 2009 වර්ශයේදී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ. IMDB Rating වල 6.7 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Crime, Drama, Mystery කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්.
එහෙනම් ඉතිං ඔයාලට කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම්කො. NCIS (Naval Criminal Investigative Service) කියන්නෙ රහසිගත මෙහෙයුම් කරගෙන යන, රජයට අයත් විශේෂ අංශයක්. මේක පිහිටල තියෙන්නෙ ලොස් ඇන්ජලීස් වල. ඔවුන්ගේ රාජකාරිය වෙන්නෙ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙන ඉතාමත් දරුනු අපරාධකාරයින් නීතියේ රැහැනට හසු කර ගැනීමයි. මේ කණ්ඩායමේ සාමාජිකයන් වෙන්නෙ NCIS විශේෂ නියෝජිත G. Callen, ඔහුගේ සහයක Sam Hanna සහ Kensi Blye කියන තුන් දෙනයි. ඊට අමතරව මොවුන්ට උදවු කරන අමතර පිරිසක්ද ඉන්නව. ලොස් ඇන්ජලීස් පොලිස් පරීක්ශක Marty Deeks, Eric Beal, Henrietta සහ පරිගණක පිලිබද හසල දැනුමක් ඇති Nell Jones තමයි ඔවුන්.
මේ අය තමන්ගේ රාජකාරිය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම්ව සිටින පිරිසකුයි. ඔවුන්ගේ ප්රධාන අරමුන වෙන්නෙ කෙසේ හෝ තම රාජකාරිය ඉටු කිරීමම පමණයි. ඒ වගේම ඔවුන්ට ඉතාමත් අළුත් තාක්ශනයන් භාවිතා කිරීමේ හැකියාවද පවතිනව.
ඉතිං ඔයාලට තේරෙනව ඇතිනෙ දැන් මේ කතා මාලාව මොනවගේ කතාවක්ද කියල. අපරාධ සහ රහස් පරීක්ශක කතා මාලාවන්ට කැමති ඔයාල නම් මේ කතා මාලාවට කැමති වෙන බව නම් අපිට විශ්වාසයි.