Jessica Jones TV Series
ඔන්න අද අපි අරගෙන ආව මාර්වෙල්ස් විශ්වයේ ඉන්න තවත් සුපිරි වීර චරිතයක් පාදක කරගත්ත කතා මාලාවක්. මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ 2015 වසරේදීයි. IMDB දර්ශකයේ 8.2 ක අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාව Action, Crime, Drama යන වර්ගයන් යටතට ගැනිය හැකියි. එහෙනම් අපි මේ සුපිරි වීර චරිතය ගැන පොඩ්ඩක් දැනගමු.
Jessica Campbell පුංචි කාලයේ දී එයාගේ පවුලේ අයත් එක්ක ඩිස්නිලන්තේ බලන්න යද්දී විකිරණ ශීලි රසායනික ද්‍රවය ගෙනියන වාහනයක හැප්පෙනවා. එයාගේ අම්මයි තාත්තයි සහෝදරයායි තුන් දෙනාම මේකෙන් මැරෙනවා. ජෙසිකා විතරක් මේකෙන් බේරෙනවා. හැබයි එයාත් කොමා තත්ත්වයට පත් වෙනවා. ටික දවසකට පස්සේ සිහිය ආවම එයාට තේරුම් යනවා එයාට බලයක් හම්බෙලා කියලා. ඒ තමයි අසාමන්‍ය ශක්තියක් එයාට ලැබෙනවා. ඒ වගේම පියාඹන්න හැකියාවත් එයාට හම්බෙනවා.
දෙමව්පියෝ දෙන්නාම නැති උන හින්දා මෙයා Jones දෙපල ළඟ තමයි හැදුනේ. එයාගේ නමට ජෝන්ස් කෑල්ල එකතු වෙන්නේ ඊට පස්සේ. මෙයා ඉස්කෝලේ ගියේ පීටර් පාකර් (ස්පයිඩර් මෑන්) ගිය ඉස්කෝලෙටමයි. මුල් කාලේ දී මෙයා තමන්ගේ බලය හංගා ගෙන හිටියත් පස්සේ ස්පයිඩර් මෑන් ගේ ක්‍රියාකාරකම් දැකලා මෙයත් අසාධාරනය වෙනුවෙන් සටන් කරනවා. මුල් කාලේ දී මෙයා Jewel කියන නමින් තමයි පෙනී ඉන්නේ. හැබයි මුල්ම කාලේ මෙයට තමන්ගේ බලය ගැන වැඩිය අවබෝධයක් තිබ්බේ නැති හින්දා ඉක්මනින්ම ම ලොකු විනාශයකට පත් වෙනවා. අන්තිම ප්‍රතිපලය උනේ ජෙසිකා Purple Man කියන කෙනාගේ හිරකාරයෙක් විදිහට මාස 8ක් වගේ ඉන්න වෙනවා.
මේ සිදුවීම් වලින් පස්සේ එයා තමන්ගේ මුල් ජිවිතේ අමතක කරලා අලුතෙන් ජිවිතයක් පටන් ගන්න නිව් යෝර්ක් වලට එනවා. නිව් යෝර්ක් වල පුද්ගලික රහස් පරීක්ෂක වරියක් විදිහට සාමන්‍ය ජිවිතයක් ගත කරන්න හැදුවත් එයාගේ අතීතය සහ එයා ඇතුලේ ඉන්න සුපිරි වීරවරිය මෙයාගේ මේ ජිවන රටාව අවුල් කරනවා….”
දැන් කට්ටිය දන්නවනේ මේ චරිතේ ගැන. මාර්වල් සමාගම මේ චරිතේ රූපවාහිනී තිරයට අරන් එන්නේ ABC Studios සහ Netflix නාලිකාව අතර ගොඩනැගෙන කතා පහක දෙවන දිගහැරුම ලෙසයි. මේකට කලින් Marvel’s DareDevil පළමු නිර්මාණය විදියට නිකුත් වුනා. අපි මීට පෙර ඔයාලට ඒ කතා මාලාව අරගෙන ආව. ජෙසිකා ජෝන්ස් කතාවට අමතරව Marvel’s Luke Cage සහ Marvel’s Iron Fist කියන කතා මාලාවන් දෙකත් ඉන් පසු නිකුත් වුනා. අවසානයේදී මේ කතා මාලාවන් හතරේම වීරයන් එකතු කර Marvel’s The Defenders නමින් තවත් කතා මාලාවක් එලි දැක්වූවා.
ඉතින් එහෙනම් ඔයාලටත් මේ කතා මාලාව බලන්න අපි ආරාධනා කරනව. ඒ වගේම මාර්වෙල්ස් කතා මාලාවන්ට ආදරය කරන ඔබ මේ කතා මාලාවටත් කැමති වන බව නම් නොඅනුමානයි.