Daredevil TV Series


ඔන්න ඉතිං අපි හැමදාමත් වගේ අපේ යාලුවන්ට තවත් සුපිරි කතාමාලාවත් අරගෙන ආවා. ඔයාලා කවුරුත් දන්න කියන සමාගමක්නෙ Marvels කියන්නේ. මේ කතා මාලාවත් නිෂ්පාදනය කරලා තියෙන්නෙ Marvels සමාගම විසින්. ඉතින් ඔයාලට කියන්න ඕනෙ නෑනෙ මේ කතාව කොයි තරම් සුපිරි කතාවක් ද කියන එක. මේ කතාමාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නේ 2015 වසරේදී. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.7 ක අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාව Action, Crime, Drama කියන වර්ගයන් යටතට ගන්න පුළුවන්.
එහෙනම් අපි කතා මාලාව ගැන පොඩ්ඩක් දැනගමු. අපේ කතා මාලාවේ කතා නායකය වෙන්නෙ මැට් මර්ඩොක් නම් අන්ධ පුද්ගලයෙකුයි. කුඩා කාලයේදී සිදු වූ අනතුරක් නිසා ඔහු සදාකාලික අන්ධභාවයට පත්වෙලා ඉන්නේ. නමුත් ඔහුට දායාදයක් ලෙස අධිමානසික බලයක් ලැබී තිබෙනවා. ඉතින් ඔහු තීරණය කරනවා ඔහුට තියෙන බලය නපුරු පැරදවීමට යොදාගන්න. Daredevil ලෙස පෙනී සිටිමින් යුක්තිය සාධාරණය ඉටු කිරීමට ඔහු දිවා රෑ දෙකෙහිම වෙහෙසෙනවා.
එහෙනම් අපි ඔබටත් ආරාධනා කරනවා Daredevil තමන්ගේ හැකියාවක් භාවිතා කරමි තමන් ජීවත්වන නගරය වඩා සුන්දර තැනක් බවට පත් කිරීමට වෙහෙසෙන හැටි බලන්න කියලා ඔයාලත් මේ කතා මාලාවට කැමති වන බව නම් නොඅනුමානයි.