Kill Me, Heal Me TV Series
හැමදාමත් එකම විදිහෙ කතා මාලාවන් බලල එපා වෙලා ඉන්න යාළුවන්ට ඔන්න අපි අරගෙන ආව වෙනස්ම විදිහෙ කතා මාලාවක්. IMDB දර්ශකයේ 8.5 ක ඉහල අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාව Comedy, Drama, Romance කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. ඉතින් එහෙනම් අපි බලමු මොකද්ද මේ අමුතු කතාව කියල.
මේ කතා මාලාව ගෙතෙන්නෙ අමුතුම ආකාරයේ රෝගයකින් පීඩා විදින පිරිමි ලමයෙකු වටායි. ඔහු නමින් ඩූ හයින්. මොහුට තියෙන්නෙ බහු පෞර්ෂ ආබාධයක්. ඒ කියන්නෙ ඔහුගේ සාමාන්‍ය චරිතයට අමතරව ඔහුගේ යටි හිතේ තවත් චරිත කිහිපයක් ජීවත් වෙනව. මේ චරිත සමහර අවස්ථා වලදී ඔහුටත් නොදැනිම මතු වෙනව. මේ හේතුව නිසා ඔහුට විශාල අකරතැබ්බ වලට මුහුණ දෙන්නත් සිදු වෙනව. මේ අතර ඔහු තුල ඉන්න එක් චරිතයක් ගැහැණු ලමයෙකුට ආදරේ කරන්න ගන්නව. නමුත් ඩූ හයින්ගෙ ඇත්ත චරිතෙ මේ ගැහැනු ලමයට කැමැත්තක් දක්වන්නෙ නෑ. ඉතින් මේ චරිත අතර ඩූ හයින් කොයි විදිහට ජීවත් වෙයිද කියන එක බලන්න නම් ඔයාලටත් මේ කතා මාලාව බලන්න සිදු වෙනව.