Atlantis TV Series
ඔන්න අදත් අපි ඔයාලව හම්බවෙන්න ආව ලස්සන කතා මාලාවකුත් අරගෙන. ඉතිං හැමදාම වගේ අදත් ඔයාලට අරගෙන ආවෙ ගොඩක් ප්‍රසිද්ධ ලස්සන කතා මාලාවක් තමයි. BBC නාලිකාව හරහා විකාශනය ආරම්භ කල මේ කතා මාලාව නිකුත් වුනේ 2013 වසරේදීයි. IMDB Rating වල 6.7 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Adventure, Drama, Fantasy කියන වර්ගයන් යටතට වෙන් කරන්න පුලුවන්.
මේ කතා මාලාව නිර්මාණය කල පිරිස ගැන කියනවනම් ඒ සදහා ප්‍රධාන දායකත්වය ලබා දීල තියෙන්නෙ ශ්‍රේෂ්ඨ රචකයින් වන Howard Overman, Johnny Capps, Julian Murphy කියන තුන් දෙනායි. ඔයාල හැමෝම දන්න මර්ලින් කතා මාලාව නිර්මාණය කරන්න දායක වුනු අයම තමයි මේ කතා මාලාවත් නිර්මාණය කරල තියෙන්නෙ. ඉතිං ඔයාලට හිතාගන්න පුලුවන්නෙ මේ කතා මාලාවෙ හොද නරක ගැන. මර්ලින් කතා මාලාවෙ වගේම විශේෂ ප්‍රයෝග මේ කතා මාලාවෙත් සෑම තැනම වගේ දකින්න පුලුවන්.
කතා මාලාව ගැනත් ඔයාලට පුංචි හැදින්වීමක් කරන්න ඕනනෙ. මේ කතා මාලාවෙ අපේ කතා නායකය වෙන්නෙ ජේසන් කියන තරුණයයි. ඔහුගේ පියා මුහුදු ගවේශණයකදි මිය ගොස් සිටින්නෙ. ඉතිං ජේසන්ට ඕන වෙනව ඔහුගේ පියා මිය ගිය ස්ථානය ගැන හොයල බලන්න. ඔහු ඒ ස්ථානය හොයාගෙන මුහුදු පතුලට යනව. එහිදී ඔහුට අමුතු දෙයකට මුහුන දෙන්න සිදු වෙනව. මුහුදු පතුලෙ තියෙන විශාල එලියක් ඔහුට දකින්න ලැබෙනව. මේ එලිය දිහාට ගිය ජේසන් නැවත ඇහැරෙන්නෙ මුහුදු වෙරලක. නමුත් ඒ ඔහුගේ ලෝකයේ නෙවෙයි. ඔහුගේ ලෝකයෙන් පිට වෙනත් නගරයක තමයි ඔහු දැන් සිටින්නෙ. මේ නගරයේ නම තමයි Atlantis කියන්නෙ. ඒ වගේම මේ නගරයේ බොහෝ අමුතු දේවල් තියෙනව. මේ අතරෙදි ජේසන්ට හර්කියුලිස් සහ පයිතගරස් කියල මිතුරන් දෙදෙනෙක් හමු වෙනව. ඔවුන් තමයි ජේසන් කරදරේ වැටෙන අවස්ථා වල ඔහුට උදවු කරන්නෙ. ඒ වගේම මේ කතා මාලාවෙ ඔරකල් කියල මායාකාරියෙකුත් ඉන්නව. ඉතිං මේ ලෝකෙදි ඔහුට බොහෝ කරදර වලට මුහුන දෙන්නත් සිදු වෙනව.
ජේසන්ට මුහුන දෙන්න වෙන කරදර මොනවද? මේ කරදර වලින් ඔහු බේරෙන්නෙ කොහොමද? ජේසන්ගේ පියා මියගිය අකාරය ඔහුට හොයාගන්න පුලුවන් වෙයිද? මේ සියල්ලටම පිලිතුරු දැනගන්න නම් ඔයාලට මේ කතා මාලාව බලන්නම වෙනව. ඉතිං මැජික්, විවිධ සතුන්, විවිධ බලයන් වලින් පිරුනු මේ කතා මාලාව බලන්න ඔයාලත් කැමති වෙයි.