Twisted TV Series



සුපුරුදු විදිහට ඔන්න තවත් ලස්සන කතා මාලාවකුත් අරගෙන අදත් අපි ආව ඔයාලව හම්බවෙන්න. මේ කතා මාලාවත් අපේ යහලු යෙහෙලියන් අතර බොහොම ජනප්‍රිය වෙච්ච කතා මාලාවක් තමයි. IMDB Rating වල 7.8 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama,Mystery,Thriller කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. 

කතා තේමාව ගැන විස්තර කරනව නම් මේ කතා මාලාව ගෙතෙන්නෙ මිනීමැරුමකට සම්භන්ධ වුනු තරුණයෙක් වටායි. අපේ කතා මාලාවෙ කතා නායකය වෙන්නෙත් මේ තරුණයම තමයි. දැන් ඔයාල බලයි මිනීමරුවෙක් කතා නායකය කරගෙන තියෙන මේ කතා මාලාව මොකක්ද කියල. ඔහු මිනීමැරුමකට සම්භන්ධ වුනේ වර්තමානයේ නෙමෙයි. ඔහු කුඩා කාලයේදීමයි මේ මිනීමැරුමට සම්භන්ධ වුනේ. 

ඩැනී තමයි අපේ මේ කතා මාලාවෙ කතා නායකය වෙන්නෙ. ඔහු වයස අවුරුදු දහසයේදි ඔහුගේ නැන්දව ඝාතනය කරනව. මේ වරද නිසා ඔහුව වසර පහකට පුනුරුත්තාපන කදවුරකට ඇතුල් කරනව. මේ කාලය අවසාන වීමෙන් අනතුරුව ඔහු තම මවත් සමග නැවතත් තමන්ගෙ නගරයට යනව නමුත් නගරයේ අය මොහු දිහා බලන්නෙ අමුතු විදිහකට. ඔහුට කුඩා කාලයේ මිතුරියන් දෙදෙනෙක් සිටිනව ජෝ සහ ලීසි කියල. ඔවුන් දෙදෙන ඩැනී ගැන වැරදියට හිතන්නෙ නෑ. ඔවුන් ඩැනීට උදවු කරනව. 

මේ අතරෙදි ඩැනීට ඔහුගේ පාසලේදි පාටියකට සහභාගී වන ලෙසට ආරාධනාවක් ලැබෙනව. මේ පාටිය අතරතුරේදි පාටිය සංවිධානය කල රෙයිජි කියන ගැහැණු ලමය ඩැනීට මැසේජ් එකක් දානව ඔහු කවදාවත් කාටවත් නොකියපු තමන්ගෙ නැන්දගෙ මිනීමැරුම ගැන ඇය දන්නව කියල. කොහොම හරි මේ පාටිය දවසට පස්සෙ දවසෙදි රෙයිජි කියන ගැහැණු ලමයව දරුණු විදිහට මරා දාල කියල දැනගන්න ලැබෙනව. ඉතිං මේ මිනීමැරුමටත් ඩැනී සැකකරුවෙක් වෙනව. 

ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නෙ. ඉතිං ඇත්තටම රෙයිජිව මැරුවෙ කවුද? ඒ මොකක් නිසාද? ඩැනී මේ දේට සම්බන්ධද? ඔහු තම නැන්දනිය මරන්න හේතුව කුමක්ද? මේ සියල්ලට පිලිතුරු දැනගන්න නම් ඔයාලට මේ කතා මාලාව බලන්නම වෙනව. එහෙනම් මේ ලස්සන කතා මාලාව බලන්න අපි ඔයාලටත් ආරාධනා කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work