Fear The Walking Dead TV Series



ඔන්න ඉතින් හැමදාමත් වගේ අදත් ආව ඔයාලට සුපිරි කතා මාලාවකුත් අරගෙන. අපි ඉතින් හැමදාමත් ඔයාලට දෙන්නෙ හොදම දේ තමයි. අද අරගෙන ආව සීරීස් එකත් අනෙක් ඒවට නොදෙවෙනි එකක් තමයි. ඔයාලට මතක ඇතිනෙ අපි මීට ටික කාලෙකට කලින් ඔයාලට ගෙනාපු The Walking Dead සීරීස් එක ගැන. ඒක කට්ටිය අතර හුගක් ජනප්‍රිය වුන සීරීස් එකක්නෙ. අපි ඒ ගැන ලියපු ලිපිය කියෙවුවෙ නැත්නම් මෙතන ක්ලික් කරල ගිහින් ඒ ලිපියත් බලන්නකො. මොකද අපි අද ගෙනාපු සීරීස් එකත් The Walking Dead සීරීස් එකටම අදාල සීරීස් එකක් තමයි.

ඉතින් එහෙනම් දැන් කියන්නම්කො අද අරගෙන ආව සීරීස් එක ගැන විස්තර. මේකෙ නම වෙන්නෙ Fear the Walking Dead. දැන් නම් ඔයාලට තේරෙන්න ඇති මේ සීරීස් එකෙයි The Walking Dead සීරීස් එකෙයි සම්බන්ධයක් තියෙනව කියල. The Walking Dead සීරීස් එක බලපු අපේ යාළුවන්ට මතක ඇතිනෙ ඒක පටන් ගත්තෙ කොහොමද කියල. ඒකෙ ප්‍රධාන චරිතය (රික්) රෝහලක ඉදල සිහිය එන අවස්ථාවෙ ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුනනෙ. සොම්බි වසංගතයක් මුලු ලෝකයේම පැතිරිලා තිබුනනෙ. 

නමුත් කිසිම කෙනෙක් දන්නෙ නෑ නේද මේ වසංගතේ පටන් ගත්තෙ කොහොමද කියන එක. අන්න ඒකට උත්තර දෙන්න තමයි මේ සීරීස් එක නිර්මාණය වෙලා තියෙන්නෙ. මේ සීරීස් එකේ තමයි සොම්බි වයිරසය ලෝකෙ වෙලා ගන්න ආකාරය පෙන්වල දෙන්නෙ. ඉතින් ඔයාලත් The Walking Dead සීරීස් එක බලන කෙනෙක් නම් Fear the Walking Dead සීරීස් එක නොබල හිටියොත් ඒකෙ කිසිම ගතියක් නෑ. කොහොම උනත් The Walking Dead සීරීස් එක නොබලපු කෙනෙක්ට උනත් මේ සීරීස් එක බලන්න පුලුවන්. මොකද මේ සීරීස් එකේ තියෙන්නෙ වෙනස්ම කතාවක් නිසා ඒක ඔයාලගෙ රසවින්දනයට බාධාවක් වෙන එකක් නෑ. කොහොම නමුත් මම නම් කියන්නෙ ඔයාල මේ සීරීස් දෙකම බලන්න ගොඩක් ආස වෙයි කියල.

2015 වර්ශයේ AMC නාලිකාවේ විකාශනය ආරම්භ කල Fear the Walking Dead කතා මාලාව IMDB වාර්තා වල 7.1 ක් වගේ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනව. මේ වෙනකොට සීසන් දෙකක් විකාශන අවසන් කරල තියෙනව. AMC නාලිකාව කියන විදිහට 2017 අවුරුද්දෙ මේ කතා මාලාවෙ තුන්වෙනි සීසන් එකත් එනවලු. ඉතින් ඔයාලත් කැමති නම් මේ කතා මාලාව රසවිදින්න අපිට පුලුවන් මේක ඔයාලගෙ ගෙදරටම එවන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work