American Horror Story TV Series

කතා මාලාව පටන් ගන්නෙ 1978 වෙන සිදු වීමකින්. එකතරා විශාල පාලු මංදිරයකට කුඩා ලමුන් දෙදෙනෙක් ඇතුලු වෙනව. ඔවුන් මේ මංදිරයට ඇතුලු වෙන්න හදනකොට මංදිරයට එලියෙන් ඉන්න තවත් කුඩා ගැහැනු ලමයෙක් කියනව ඔයාල දැන් මෙතන මැරෙන්නයි යන්නෙ කියල. අනෙක් ලමුන් දෙදෙනා ඇයටත් බැන වැදිල මංදිරයට ඇතුලු වෙලා එහි තිබෙන බඩු මුට්ටු විනාශ කරමින් විනෝද වෙනව. වැඩි වෙලාවක් යන්න කලින් එලියේ හිටිය ලමයාගෙ කතාව ඇත්ත කරමින් මංදිරයේ තිබෙන අද්භූත බලවේගයක් විසින් මේ කුඩා ලමුන් දෙදෙනාව මරා දානව.
ඉන්පස්සෙ කතාව වර්තමාන කාලෙට එනව. ඒ මේ සිදු වීමෙන් වසර කිහිපයකට පසුව. එක්තරා පවුලක් මේ මංදිරයේ පදිංචියට එනව. අම්මා, තාත්ත සහ දුවෙක් තමයි මෙහි පදිංචියට එන්නෙ. ඉතින් මේ ගේ විකුණන කාන්තාව මෙහි සිදු වෙලා තියෙන මරණය ගැනත් ඔවුන්ට පවසනව. නමුත් ඔවුන් මේ මංදිරය මිලදී ගැනීමට කැමති වෙනව. ඉතින් ඔවුන්ට මේ මංදිරයේ ජීවත් වෙන්න පුලුවන් වෙයිද? මොන වගේ කරදර වලට ඔවුන්ට මුහුන දෙන්න සිදු වෙයිද? මංදිරයෙන් එලියෙ ඉදන් ලමයින්ට අනතුරු අගවපු ගැහැනු ලමයා කවුද? මේ දේවල් වලට උත්තර ගන්න නම් ඔයාලත් මේ සුපිරි කතාව බලන්නම වෙනව.