Planet Earth II Mini TV Series



ඔන්න අදත් අපි ආව සුපිරි ටීවී සීරීස් එකක් අරගෙන. ටීවී සීරීස් එකක් කිවුවට මේක ඉතාමත් වටින අධ්‍යාපණික වැඩසටහනක්. ඔයාලට අපි කලින් අරගෙන ආවනෙ ප්ලැනට් අර්ත් වැඩසටහනෙ පලවෙනි කොටස. ඒකෙ දෙවෙනි කොටස තමයි අපි අද ඔයාලට අරගෙන ආවෙ. පලවෙනි කොටස ගැන විස්තර බලන්න ඕනෙ අය මෙතන ක්ලික් කරන්න.

පටන් ගනිද්දිම ඔයාලට කිවුවනෙ මේ වැඩසටහන ඉතාමත් වටින අධ්‍යාපණික වැඩසටහනක් කියල. එහෙම කියන්න හේතුව තමයි මේ වැඩසටහනේ සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙලා තියෙන්නෙ පෘථිවියේ සිටින ජීවීන් ගැන. වැඩසටහන බලාගෙන යනකොට ඔයාලට හිතෙයි මේ දේවල් නම් ඇත්තට වෙන්න කවදාවත්ම බැහැ කියල. ඒ තරම් විශිෂ්ට ලෙස රූගත කල සත්‍ය දර්ශන තමයි මේ වැඩසටහනේ අන්තර්ගත වෙලා තියෙන්නෙ.

මේ වැඩසටහන ඔයාලට ඉදිරිපත් කරන්නෙ BBC නාලිකාව මගින්. එයාල මේ වැඩසටහනේ පලමු කොටස ඉදිරිපත් කලේ 2006 වර්ෂයේදීයි. ඒ වැඩසටහන ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය උනා. දැන් ඔයාලට ඉදිරිපත් කරල තියෙන දෙවෙනි කොටස පලමු වැඩසටහනටත් වඩා ජනප්‍රිය වෙලා තියෙනව. IMDB Rating වල 9.6 ක වාර්තාගත අගයක් ලබාගන්න මේ වැඩසටහන සමත් වෙලා තියෙනව. ඉතින් ඔයාලට හිතාගන්න පුලුවන් නේද මේක කොයිතරම් නම් වටින සීරීස් එකක්ද කියල. පාසල් යන පුංචි දරුවන්ට උනත් ඉතාමත් ආසාවෙන් බලන්න පුලුවන් රසවත් වැඩසටහනක් තමයි මේක.

ඉතින් මං ඔයාලට කියන්නෙ ඔයාලත් මේ සීරීස් එක අරගෙන රසවිදින්න කියලයි. ඔයාල ආසාවෙන් බලන බව නම් නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work