Ripper Street TV Series



හැමදාම වගේ ඔන්න අදත් අපි සුපිරි කතා මාලාවකුත් එක්ක ඔයාලව හම්බවෙන්න ආව. ශර්ලොක් හෝම්ස් කතා මාලාවට කැමති ඔයාල මේ කතා මාලාවටත් ඒ වගේම කැමති වෙනව නොඅනුමානයි. මොකද මේ කතා මාලාවත් ශර්ලොක් හෝම්ස් කතා මාලාව වගේම රහස් පරීක්ශක කතා මාලාවක් තමයි. ඒ වගේම තමයි මේ කතා මාලාවේ ජනප්‍රියත්වය ගැන කියනවනම් IMDB Rating වල 8.1 ක ඉහල අගයක් ලබා ගැනීමට මේ කතා මාලාව සමත් වෙලා තියෙනව. 2012 වර්ශයේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාව Crime, Mystery කියන වර්ගයන් යටතට ගැනිය හැක. 

එහෙනම් ඉතිං හැමදාම වගේ කතා මාලාව ගැන පොඩි හැදින්වීමකුත් කරන්න ඕනෙනෙ. මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ 18 වන සියවසේ ලන්ඩනයේ වයිට්චැපල් නම් නගරයේ සිදු වුනු සත්‍යය කතාවක් පදනම් කරගෙනයි. එවකට මෙම නගරයේ ජීවත් වුනු ගණිකාවන් ඝාතනය කිරීමේ රැල්ලක් පැතිර ගියා. නමුත් මෙය සිදු කරන පුද්ගලයාව නීතියේ රැහැනට හසු කර ගැනීමට පොලීසිය අසමත් වුනා. දිගින් දිගටම ඝාතනයන් සිදු වුනත් අපරාධකරුවාව අල්ලාගැනීමට පොලීසිය අසමත් වීම නිසා මෙම සිදුවීම එවකට මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් වුනා. කොහොම නමුත් මේ මිනීමරුවා හැදින්වීමට ජනතාව විවිධ නම් භාවිත කලා. Jack the Ripper, The Whitechapel Murderer, Leather Apron කියන අන්වර්ත නාමයන්ගෙන් ඔහුව හදුන්වනු ලැබුවා. 

ඉතිං මේ මිනීමරුවා අල්ලා ගැනීමට පොලීසිය අසමත් වීම නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් වෙනත් පිරිස් විවිධ අපරාධයන් සිදු කර ඒවා මේ පුද්ගලයා විසින් සිදු කල අපරාධයන් බව හැගෙන්නට සැලැස්වූව. ඉතින් මේක පොලීසියට මහත් හිසරදයක් වුනා. කොහොම නමුත් මේ අපරාධ වලට වගකිව යුතු නියම අපරාධ කරුවන් නීතිය ඉදිරියට ගෙන එන්නට පොලීසිය දරන උත්සාහය තමයි මේ කතා මාලාව පුරාවටම තියෙන්නෙ. දක්ශ පොලීස් පරීක්ෂකවරුන් කිහිප දෙනෙකු විවිධ සාක්ෂි එකිනෙකට ගලපමින්, ඉතාමත් සියුම්ව සෑම සාක්ෂියක්ම විශ්ලේශනය කරමින් අපරාධකරුවන් පසුපස හබා යන ආකාරය ඉතාමත් සිත් ඇදගන්නා සුලුයි. ඒ හේතුව නිසාම තමයි මම මේ කතා මාලාවත් ශර්ලොක් හෝම්ස් කතා මාලාව වගේම කියල හැදින්වූවෙ. රහස් පරීක්ශක කතා මාලාවන්ට ඔබත් කැමති නම් මේ කතා මාලාව නරබන්න කියල අපි ඔබටත් ඇරයුම් කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work